IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක්

ටැන්සානියාවෙන් පෞරාණික මිනිස් පා සටහන් සමූහයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.

මෙය මෙතෙක් අප්‍රිකානු කළාපයෙන් හමුවූ විශාලතම පා සටහන් සමූහය වන අතර ඒවා වසර 5 000ත් 19 000ත් පමණ කාලයක් පැරණි බව ඔවුහු පවසති.

නට්රොන් විලට දකුණින් එන්ගාර් සේරෝ නැමැති ස්ථානයෙන් මේවා හමුවී තිබේ.

පා සළකුණු 400ක් පමණ එම ස්ථානයෙන් අනාවරණය කරගෙන ඇති අතර ගිනි කන්දක් පිපිරීමෙන් නිකුත් වූ අළු සහිත මඩ වගුරක් මතින් ඇවිද යාමෙන් මෙම පා සළකුණු නිර්මාණය වන්නට ඇතැයි පැවසේ.

සටහන් ඉක්මනින්ම වියලී යෑම හේතුවෙන් ෆොසිල බවට පත්ව ඇත.

විද්‍යාඥයින් පවසන්නේ ඒවා ඉතා හොඳින් සුරක්ෂිත වී ඇති බවයි.

මේවා එකම වේලාවක එම ප්‍රදේශය හරහා ගමන්ගත් කණ්ඩායමක පා සටහන් බවත් ඒ අතර සතුන්ගේ පා සටහන් ද තිබෙන බවත් සොයාගෙන තිබේ.

කණ්ඩායමේ සිටි මානවයන්ගේ උස සහ ලැහැණු පිරිමි බව සම්බන්දව ද යම් අදහසක් පා සළකුණු මගින් ලැබෙන බව විද්‍යාඥයෝ පවසති.

ඇමරිකාවේ පෙන්සල්වේනියා හි චැතම් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය කෙවින් හතාලා මහතා පවසන්නේ මේ පා සළකුණු වලින් පුරාණ මිනිසාගේ හැසිරීම් පිළිබඳ අපූරු තොරතුරු රැසක් අනාවරණය වන බවයි. අතීත මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වූයේ කෙසේද යන්නත් ඔවුන් ආහාර රැස්කළ ආකාරය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට හැකි බව ඔහු පවසයි.

2009 වර්ෂයේදී මෙම පා සටහන් සම්බන්දව මූලික තොතුරු අනාවරණය වී ඇති අතර වසර 11ක් තිස්සේ සිදුකරන ලද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව පසුගියදා නේචර් සයන්ටිෆික් රිපොට්ස් සඟරාවේ මෙම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.


(ඒඑෆ්පී ඇසුරිණි - 085)
 



අදහස් (6)

ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක්

rocky Saturday, 16 May 2020 01:43 AM

මෙය රාවණාගේ පා සටහනක් වෙන්න පුළුවනි. සමහර විට එහෙ නවත්තලා බිමට පය ගහන්න ඇති.

:       619       114

මෝSaturday, 16 May 2020 12:03 PM

ගොන් කතා නොකිය ඉන්න රොකී. නුඹලා වගේ අය කරන්නෙම මව්බිමේ ඉතිහාසයට හිනාවෙන එක....

:       89       598

වීරවිජේ Saturday, 16 May 2020 05:50 AM

දෙමළ නිජබිමක් නෙමේද ?

:       139       16502

rasika Sunday, 17 May 2020 05:46 AM

ටැන්සානියාවට දෙමළෙන් කියන නමක් තියෙනවා. ඒ වගේම පාසලකුණු වලටත් දෙමළෙන් කියන නමක් තියෙනවා. ඉතින් මේක දෙමළ නිජබිමට අයිති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දෙමළ නිජබිම් සංකල්පය ලංකාවේ හදලා තියෙන්නේ ඔය කරුණු දෙක මුල් කරගෙන.

:       0       142

ranjan Monday, 18 May 2020 10:26 AM

දෙමළ නිජබිමකි...

:       0       2

rocky Tuesday, 19 May 2020 03:40 AM

අනේ උන්නැහේ... රාවණා කොහොමද අපේ ඉතිහාසයට සම්බන්ධ වෙන්නේ? ඔය කතා විශ්වාස කරන්නේ නුඹලා වගේ අය විතරයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 474 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 473 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site