ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ අගනුවර 'කොවිඩ් 19' ආසාදිතයන් යළිත් වරක් ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි ජපාන සෞඛ්‍ය බලධාරීහු ඊයේ (27) පැවැසූහ.
ගතවුණු පැය 24 ඇතුළත ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් නව ආසාදිතයන් 2,848 ක් වාර්තා වූ බව පැවැසෙයි. ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ආසාදිතයන් 2,500 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. පසුගිය 2020 වසරේ 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භයත් සමඟ මේ වනවිට ටෝකියෝ අගනුවරින් පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 2 ඉක්මවා ඇත.
වසරක ප්‍රමාදයකින් පසු '2020 ටෝකියෝ ඔලිම්පික්' උළෙල ආරම්භ වූයේ පසුගිය 23 වැනිදාය. සියලු ක්‍රීඩා ඉසවු පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනුවය. ක්‍රීඩකයන් සියලු දෙනා දිනපතා 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කරන බව ද පැවැසෙයි. ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයන් නොමැතිවය.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ටෝකියෝ අගනුවර ආසාදිතයන් වැඩිවෙලා