IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ඤාව්‘ කියන කතට ඤාව් ප්‍රහාරයක්

මිනිස් භාෂාව බළල් භාෂාවට හරවන බව කියන මෘදුකාංගයක් භාවිතා කිරීමට ගිය කාන්තාවකට තම සිව්පා කතා සගයාගෙන් හොද හැටි පහර කෑමට සිදුවූ අවස්ථාවක් ගැන ඇමරිකාවෙන් වාර්තාවේ.

ඇමරිකාවේ ටෙනසි හි නෑෂ්විල්හි බළලූන් වෙනුවෙන් පිහිටුවා තිබෙන මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙන මෙම කාන්තාව එහි සිටි තම සිත්ගත් බළලකු හා සංවාදයේ යෙදීමට මේ මෘදුකාංගය භාවිතා කර ඇත.

ජංගම දුරකථනයේ ස්ථාපිත කරගත හැකි බව පැවසෙන මෙම මෘදුකාංගයෙන් සිදුවන්නේ දුකරථනයේ ඇති මයික‍්‍රපෝනයෙන් මිනිස් කටහඬ ග‍්‍රහණය කරගෙන එයි ඤාව්’ ශබ්ද ශ්‍රේණියක් බවට හරවා දුරකථනයේ ඇති ශ‍්‍රවණ පෙති වලින් මහාහඩින් පිටතට ඇසෙන්නට සැළැස්වීමය.

මෙම කාන්තාව මධ්‍යස්ථානයට ගිය වෙනත් අවස්ථාවල ඇයව ගණනකටවත් නොගත් බව කියන ෆ්ලෑම් නැමති මෙම බළලා ඇය මෙම මෘදුකාංගය භාවිතා කර කතා කරන විට වහාම ඇය වෙත පැමිණ තිබේ.

ෆ්ලෑම්ගේ සිත දිනාගත්තේයැයි උදම් ඇනූ ඇයගේ සතුට අනෙක් අතට පෙරලී ඇත්තේ ෆ්ලෑම් ඇයව සපා කෑමටත්,ඇය දෙස බලා දත් විළිස්සමින් ගෙරවීමට පටන්ගැනීමත් සමගය.

වහාම මෘදුකාංගය කි‍්‍රයාවිරහිත කර තිබෙන ඇය ෆ්ලෑම්ගෙන් ඉවත්ව ආරක්ෂාව සළසාගෙන තිබේ.

මෙම මෘදුකාංගය තවමත් තිබෙන්නේ අත්හදා බැලීම් අවදියේ වන අතර එයට සවන්දුන් ලොව ප‍්‍රථම බළලා වන්නේද ෆ්ලෑම් බව සඳහන්ය.

පෙනෙනා ලෙසට මෘදුකාංගයේ නිර්මාණකරුවන්ට එහි තවත් වැඩිදියුණු කිරීම් සිදුකිරීමට තිබෙන බව නම් පැහැදිලිය.

26791DCF00000578-2986444-image-m-82_1425912453496 26791DD500000578-2986444-image-a-76_1425912375312 26791DE700000578-2986444-image-m-79_1425912416615



අදහස් (0)

‘ඤාව්‘ කියන කතට ඤාව් ප්‍රහාරයක්

දුමින්ද Thursday, 12 March 2015 08:26 AM

දොස්තර හොඳහිතට කියමුද (බ)

:       0       0

හසාන් Tuesday, 10 March 2015 11:53 AM

සතුන් සමඟ කතාකිරීමට උන්ගේ භාෂාව අවශ්‍යම නැහැ (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 10 March 2015 12:05 PM

දුරකතනය ඇතුළේ තව බළලෙක් හිරවෙලා ඉන්නවා කියලා හිතුවද දන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Tuesday, 10 March 2015 06:30 AM

මෘදුකාංගය හරි වගෙයි. මොකක් හරි තේරුණ නිසානේ පහර දුන්නේ . (ර)

:       0       0

චන්ද්‍ර Wednesday, 11 March 2015 06:08 AM

එයාගේ භාෂාවෙන් පරුෂ වචනයක්ද දන්නේ නැහැ තරහ ගියේ. (ම)

:       0       0

තරූ Wednesday, 11 March 2015 07:34 AM

අපිත් දවසක් ෆෝන් එකේ තියෙන කැට් රිගින් ටොන් එක පාවිච්චි කරලා පූස් පැටියෙක් බේරා ගත්තා. වහනයක් අස්සට වෙලා බයේ හිටියා, නමුත් එකේ සද්දෙට එලියට ආවා. (ර)

:       0       0

අතුල කේ Tuesday, 10 March 2015 08:28 AM

බළල් බාසාව මිනිස් භාෂාවට හරවන්ඩත් පුලුවන්ද දන්නේ නෑ. අපේ පුසෙක් ඉන්නව නිතරම මොනවද අපට කියනවා. කෑම ඉල්ලනකොට වගේ ඒවා තේරුම් ගන්න පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site