
ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව, මෙවර ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ නිවාඩු නිකේතනයක පැවැත්වෙයි.
සමුළුවට එක්වන රාජ්‍ය නායකයන්ගේත් නියෝජිතයන්ගේත් ප්‍රධාන අරමුණ වී ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධයයි. රුසියන් යුක්රේන යුද්ධය ‘ජී7’ රටවලට තර්ජනයක් මෙන්ම විශාල බලපෑමක් ද එල්ල කර තිබේ.
රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් බටහිර රටවල් පමණක් නොව මුළු ලෝකයම ආහාර අර්බුදයකට ඇද වැටී තිබේ. ඊට අමතරව ඉන්ධන සහ ගෑස් අර්බුදයක් ද පවතී. ‘ජී7’ සමුළුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වුණු අතර, රුසියාව සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
සුපුරුදු පරිදි ‘ජී7’ සමුළුවට විරෝධය දක්වමින් විරෝධතා පැවැත්විණි. විරෝධතා පැවැත්වීම සිදුවූයේ ජර්මනියේ මියුනිච් නුවරය. විරෝධතාවට 4,000 කට වැඩි පිරිසක් එක් ව සිටි බව පැවැසෙයි. විරෝධතාකරුවන් මර්දනයට පොලිසියේ 18,000 ක් යෙදවිණි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ජී7’ සමුළුව ජර්මනියේ