ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජී - 20 ලෝක ආර්ථීක සමුළුවට පැමිණ සිටි ලෝක ආර්ථීක බලවතුන් ආර්ථීක ගැටලූ විසදීම,ඉබෝලා අර්බුදය,යුක්රේන ගැටලූව ආදිය මදකට අමතක කර කෝලා වළසුන් සුරතල් කරමින් සිටිනු පසුගියදා දැකගත හැකිවිය.
රුසියා ජනපති ව්ලැදිමිර් පුටින්ගේ මුවග පවා වෙන කිසිදා නොදකින සිනහවක් රැදී තිබුණි.
ඇමරිකා ජනපති බැරක් ඔබාමා සුපුරුදු ලෙසම සතුටින් හා සැහැල්ලූවෙන් සිටිනුත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි කෝළා වළසුන් ගැන ඔස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට්ගෙන් තොරතුරු විමසනුත් මාධ්‍ය ඇසට හසුවූ දසුන් අතරින් සමහරක් විය.
කෝලා සුරතලය අවසානයේ රැස්වීම රාජකාරිමය ස්වභාවයක් ගත්තේය.සියලූදෙනාගේ විරෝධය ජනපති ව්ලැදිමිර් පුටින් කෙරේ වන බව පෙනුනි.
යුක්රේන අර්බුදය මුල්කරගෙන සියලූ රාජ්‍ය නායකයෝ පුටින්ට එරෙහිව අදහස් පළ කළහ.කැනඩා අගමැති ස්ටීවන් හාපර් හා පුටින් අතර විවාදය කෙතරම් දුර ගොස් ඇත්ද යත් පුටින් සළුුලූවට සහභාගී නොවීම රුසියාව බලා යෑමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා වලින් පැවසුණි.නමුත් පසුව ජනපති පුටින් එවැනි තීරණයක් ගෙන නොමැති බව රුසියාව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
පුටින්ව අනෙක් රාජ්‍ය නායකයින් කොන් කර ඇති ආකාරය ඔවුන් සියලූදෙනා සමූහ ඡායාරූපයට පෙනී සිටීමේදී පැහැදිලිව පෙනුනි.පුටින් අයිනක සිටුවා තිබුණේ අන් අය හා ඔහුගේ සබදතාවක් නොමැති බව ඇගවීමට මෙනි.
නමුත් මේ කිසිත් ගණන් නොගන්නා බවක් පෙනුනු පුටින් රුසියා අගමැතිවරයා, බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ප්‍රංශ ජනපතිවරයා ආදීන් හා සාකච්ඡා වලද නිරත විය.
මෙවර ආර්ථීක සමුලූවේදී යුක්රේන අර්බුදය හා ලෝක ආර්ථීක ප්රවණතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණි.
ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධ කාරණයේදී ඉරානයට න්‍යෂ්ඨික අවි නිපදවීම දක්වා පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට ඇති ඉඩ අහුරා දැමිය යුතු බවට ඇමරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා ජර්මනිය වැනි රටවල් පවසද්දී රුසියාවද ඊට සහය දැක්වීම විශේෂ සිදුවීමක් විය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජී20 ලොක්කෝ ප්‍රශ්න කරට නොගනිති
ජයසෝම වෙල්ලම්පිටිය Monday, 17 November 2014 01:41 PM
කවුරු හෝ කොනක සිටිය යුතුය පින්තුරයක් ගන්න විට , පුටින් පැනලා මැද්දට නොපැමිණ අයිනක සිටින්නට ඇති , ඕක ලොකු දෙයක් නෙමේ , පුටින්ගේ පින්තුර ලෝකයේ දිනපතා පුවත් පත්වල රුපවහින්යේ පලවනවා (අ)
ජෙහාන් Monday, 17 November 2014 07:08 AM
මේක මොකද්ද අපේ කට්ටිය කිසිම දෙයක් කරට නොගෙන පොඩි දරුවන් සුරතල් කරන එකේ. (අ)
චමින්ද Monday, 17 November 2014 09:27 AM
පුටින් ඇවිල්ලා ඔය ලොකු ලොක්කෝ ඉස්සරහා නැවෙන ජාතියේ නායකයෙක් නෙවෙයි. රුසියාවට යුද නැව් 270 තියෙනවා. එයින් 3 ක් දැනටමත් ඔස්ට්‍රේලියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ [කුයින්ස්ලන්තයට ආසන්නව] නගුරම්ලා තියෙන්නේ. ඒ නැව් 3 ආපු එක ඔස්ට්‍රේලියාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. නමුත් ඔවුන්ට කරන්න දෙයක් නැහැ. ඔස්ට්‍රේලියාවයි රුසියාවයි අතරේ එතරම් හොද මිත්‍රත්වයක් ඇත්තෙත් නැහැ. (ර)