
ඉදිරියේදී තම, ‘කොවිඩ්-19’ පරීක්ෂණ වාර්තා ඇතුළු ඊට අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා තීරණය කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එම පියවර ගැනීමට ජෝ බයිඩන් මහතා මෙම තීරණය ගෙන ඇත.
ජෝ බයිඩන් මහතා මීට පෙර සිය ‘කොවිඩ්-19’ පරීක්ෂණ කෙරෙන ආකාරය සහ ඒවායේ ප්‍රතිඵල යනාදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නැත. තමන් අද දිනයේදී කොවිඩ්-19 පරීක්ෂණයකට මුහුණ නොදුන් බවත් එසේ නමුත් ඉරිදා (අද) උදෑසන පරීක්ෂණයකට මුහුණ දෙන බවත් ඒ මහතා විල්මින්ටන්හිදී පැවැසීය. සිකුරාදා දිනයේදී ජෝ බයිඩන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කළ බවත් ඒ අවස්ථා ද්වයෙහි ම ඔහුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඔහුගේ ප්‍රකාශක ඇන්ඩෘ බේට්ස් මහතා පැවැසීය.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන විවාදයක් පසුගිය අඟහරුවාදා පැවැත්විණි. ජෝ බයිඩන් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජනාධිපති ට්‍රම්ප් සමීපයට නොගිය බව, බයිඩන් මහතාගේ ප්‍රකාශකයා කීය.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කිහිපදෙනකුට ද කොරෝනා වයිරසය හඳුනාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාය. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහාය.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝ බයිඩන් කොරෝනා පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරයි