උග්‍ර විෂ සහිත සර්පයන් 600ත් 1000ත් අතර ප්‍රමාණයකගේ විෂ සතියක දී ඉවත්කරන බව ඇමෙරිකාවේ කන්ටුකි උරග උද්‍යානයේ භාරකරු ජිම් හැරිනසන් පවසයි.
මේ උරග උද්‍යානයේ නාගයන් ඇතුළු විෂ සහිත සර්පයන් 2000ක් පමණ සිටිති. ඇතැම් විට මෙය ලෝකයේ විශාලත ම සර්ප එකතුව විය හැකියැයි විදෙස් මාධ්‍ය පවසයි. 55 වැනි වියේ පසුවන ජිම් ඔහුගේ ආවරණයක් නැති අත්වලින් දිනපතා සර්පයන් කිහිප දෙනකුගේ හිස ඉහළට අල්ලා වීදුරු බඳුනක් හපන්න සළස්වා විෂ එතුළට විද්දවයි.
ඔහුගේ බිරිය 37 වියැති ක්‍රිස්ටින් ද මෙයට සහය වෙයි.
ජිම් පවසන්නේ තමන් භාරයේ සිටින සර්පයන් අට වතාවක් තම අත් දෂ්ඨ කැර ඇති බවයි. වරක් උග්‍ර විෂ සහිත පොළඟකු දෂ්ට කිරීමෙන් සති හතරක් රෝහල්ගත වී සිටි බව ද ඔහු කියයි. ජිම්ගේ ඇතැම් ඇඟිලි තුඩු හා නියපොතු අහිමි වී ඇත. අත් දෙක පුරාම තුවාල හා කැළැල් දක්නට ලැබේ. එහෙත් ඔහු පවසන්නේ ඒ ගැන කණගාටුවක් නොමැති බවයි.
‘‘ මා මේ එකතුකරන විෂ තවත් ජීවිත ගණනාවක් බේරාගැනීමට උදව්වන නිසා මට විටින් විට විඳින්නට සිදුවන වේදනාව මා අමතක කර දමනවා. ඇල්ෂමයර් රෝගයටත්, ආඝාතයටත් ඇතැම් වෛරස් රෝගවලටත් ප්‍රතිකාර වශයෙන් මේ විෂ යොදා ගන්නවා. ‘‘
ඇතැම් සමේ රෝග හා පියයුරු පිළිකා සුව කිරීම සඳහා සුදුසු ඖෂධ ගැන පර්යේෂණ සඳහා ද මේ විෂ යොදා ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.
ජිම් එකතුකරන විෂ වෛද්‍ය විද්‍යාල, ඖෂධ සමාගම් හා ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනවලින් මිලදී ගනී.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ජීවිතය අවදානම්. ඒත් සතුටුයි‘‘
ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 09:15 AM
සර්ප විෂ උරන,බෙහෙත් ගල් ළඟ තියාගෙන සිටින අපේ නයි පනික්කියන්ගේ සමහරුන්ගේ අත් වලත් ඇඟිලි කොටයි.සතුට කෙසේ වෙතත් අයියේ, අත් ආවරණ පැළඳීම නම් සුභයි ! (නි)