IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජලකර රිය 2016 දී

ජලකර වායුවෙන් ජව ගැන්වෙන මෝටර් රථයක් 2016 වසරේ මාර්තු මාසයේදී වෙළදපොළට නිකුත් කිරීමට ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගම සැළසුම් කර ඇත.

එය ජලකර වායු මෝටර් රථ වල පළමු වෙළදපොල ආගමනය වනු ඇති අතර හොන්ඩා සමාගමේ ආරංචි මාර්ග වලට අනුව මුලින්ම ජපානයේත් අනතුරුව යුරෝපයේ හා ඇමරිකාවේත් පාරිභෝගිකයින්ට මෙම මොටර් රථය මිලදී ගැනීමට අවැසි පහසුකම් ඇති කිරීමට නියමිතය.

ටොයෝටා,බීඑම්ඩබ්ලියු,බෙන්ස්,අවුඩි වැනි මෝටර් රථ සමාගම්ද ජලකර වායුවෙන් ජවගැන්වෙන මෝටර් රථ සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිටින අතර එම මෝටර් රථද තවත් නොබෝ දිනකින්ම වෙළදපොලට පැමිණෙනු ඇතැයි පැවසේ.

මෝටර් රථ විශේෂඥයින්ට අනුව බොහෝමයක් මෝටර් රථ සමාගම් ජලකර වායුවට වැඩි තැනක් දී කටයුතු කරන සෙයක් පෙනෙන්නට ඇත.

ජලකර වායුවෙන් ජවගැන්වෙන මෝටර් රථයක සිදුවන්නේ ජලකර වායුව හෙවත් හයිඩ‍්‍රජන් ඉන්ධන කෝෂ ලෙස හැදින්වෙන විශේෂ ශක්ති ජනක ඒකකයන් වෙත යොමුකරවා ඒවා ආධාරයෙන් විදුලිය ජනනය කරවීමයි.එම විදුලිය යොදාගෙන මෝටර් රථයේ රෝදවලට සවිකර ඇති මෝටර බලගන්වා රථය ධාවනය කෙරේ.

මෙම කි‍්‍රයාවලියේ එකම අතුරුඵලය ලෙස නිපදවෙන්නේ ජලයයි.එනිසා මෙය අතිශයින්ම පරිසර හිතකාමිී ශක්ති ජනන කි‍්‍රයාවලියකි.

නමුත් ගැටලූව වී ඇත්තේ හයිඩ‍්‍රජන් සපයා ගැනීමයි.පිරිසිදු හයිඩ‍්‍රජන් ස්වභාවිකව සොයාගැනීමට අපහසු අතර එනිසා මීතේන් වැනි වායූන් බිද හෙළා හයිඩ‍්‍රජන් අණු වෙන්කර ගැනීමට සිදුවේ.එය වියදම් අධිකය.

එසේවුවත් දිගුකාලීන ප‍්‍රතිලාභයන් දෙස බැලීමේදී දැරීමට සිදුවන මූලික පිරිවැය අනාගතයට කරන ඉතිරියක් ලෙස සැළකිය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.

234B8C5800000578-2840735-image-27_1416397760399 234B73D000000578-2840735-Honda_s_newly_announced_FCV_Concept_vehicle_will_be_the_successo-25_1416397450095



අදහස් (0)

ජලකර රිය 2016 දී

වරුණ Saturday, 22 November 2014 03:13 AM

ලංකාවේ අපේ මිනිහා අමතක කරලා ඉන්න එක නම් හරිම දුකයි. වත්තල කීර්ති වගේ මිනිස්සුන්ට අත දෙන්න කව්රුත් නැති අපේ රටේ හැටි. කීර්ති ඔබට ජය (නදී)

:       0       0

එරංග ඉන්දීවර Thursday, 20 November 2014 06:22 PM

ජයත් කියන කතාව හරියටම හරි. මේ වගේ පරිසර හිතකාමී ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන්නේ බොහෝම මන්දගාමීව. (නි)

:       0       0

බණ්ඩාර මලාවි Thursday, 20 November 2014 07:29 PM

හොඳම ක්‍රමය සුර්ය ශක්තිය යොදා ගන්න එක. කිසිම වියදමක් නැත. පරිසර දුෂනයක් නැත. මොබයිල් දුරකතනයක් යොදා ගත්තොත් චාජ් නොකර හැමදාම පාවිච්චි කරන්න පුළුවන්.(නදී)

:       0       0

වරුණ Thursday, 20 November 2014 08:10 PM

අපිටත් මේ ගැන අනාගතයේදී සළකා බලන්න පුළුවන් වෙයි (නි)

:       0       0

විජේබා Saturday, 22 November 2014 09:56 AM

ලංකාවේ නව සොයා ගැනීම් අවශ්‍ය නම් පළමුව කලයුත්තේ ලංකා අධ්‍යාපනයට විද්‍යාව අනීවාර්ය කිරීමයි. සෑම විදුහලකටම ක්‍රමනුකුලව සැකසු විද්‍යා අධ්‍යාපනයක් අවශයයි (නදී)

:       0       0

බන්දුල ‍ද සිල්වා Thursday, 20 November 2014 11:40 PM

අපිත් උත්සාහ කර බලන්න ඕනෑ. දැන්ම ඉඳලම අසුභවාදී වෙන එක එච්චර සුබ නැහැ (නි)

:       0       0

ජයත් Thursday, 20 November 2014 10:28 AM

පරිසරයට හිතකරයි කියලා මේ මොනවා ආවත් අපේ රටේ මේවා ගන්නේ නැහැ .කාලයකට ඉහතදී ගෑස් පරිවර්තනය ආවා . එකට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් තිබුනේ නැහැ .එක පරිසර හිත කාමියි .එක එහෙමම වැළලිලා ගියා .දැන් දෙමුහුන් වාහන එනවා .හරි නම් කරන්න ඕන ඒවායේ තීරුබදු අඩු කරන එක .ඒක පරිසරයටත් හොඳයි .තෙල් වලට යන සල්ලිත් ටිකක් හරි ඉතුරු වෙනවා .නමුත් මේ රටේ ඒවගේ දේවල් වෙන්නේ නැහැ .(හේ)

:       0       0

විජේබා Saturday, 22 November 2014 12:15 AM

ලංකාවේ නව සොයා ගැනීම් අවශ්‍යනම් පළමුව කලයුත්තේ ලංකා අද්‍යාපනයට විද්‍යාව අනීවාර්ය කිරීමයි. සෑම විදුහලකටම ක්‍රමනුකුලව සැකසු විද්‍යා අද්‍යාපනය. (ර)

:       0       0

ජයන්ත Friday, 21 November 2014 10:38 AM

සූර්ය ශක්තිය යොදාගන්න පුළුවන් නම් හුඟක්ම හොඳ තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site