IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජර්මන් අන්තවාදී කල්ලි සාමාජිකයන් සොයා මෙහෙයුම්

ජර්මන් පාර්ලිමේන්තුවට කඩා වැදී, රජය පෙරළා බලය අල්ලා ගැනීමට තැත් කළ නියෝ නාසිවාදී ‘රයික්බර්ග්’ කල්ලියේ තවත් සාමාජිකයන් 27 දෙනකු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි.

‘රයික්බර්ග්’ කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ජර්මන් පොලිසිය එරට ප්‍රාන්ත 16 න් 11 ක වැටලීම් සිදු කළේ 7 වැනිදා ය. එම අවස්ථාවේදී ‘රයික්බර්ග්’ කල්ලි සාමාජිකයන් 25 දෙනකු අත්අඩංගුවට ගැණුනි.

පාර්ලිමේන්තුවට කඩා වැදී රජය පෙරළා රටේ බලය අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය මෙහෙයවූයේ ‘රයික්බර්ග්’ නායක 71 ක් හැවිරිදි හෙන්රික් නමැත්තාය. මොහු ජර්මානු රජ පෙළපතකින් පැවැත එන අයකු බව ද පැවැසෙයි. ‘රයික්බර්ග්’ මොහු හඳුන්වන්නේ 13 වැනි හෙන්රික් කුමරු යනුවෙනි.

අත්අඩංගුවට ගත් සාමාජිකයන් 25 දෙනාගෙන් 22 දෙදෙනෙකු කැරැල්ල සැලසුම් කළ අය බවත් 3 දෙනෙකු අනුබල දුන් අය බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඔවුන් අතර හමුදා සාමාජිකයන් ද සිටින බව පොලිසිය පවසා ඇත.

‘රයික්බර්ග්’ කල්ලිය සාමාජිකයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් බවත්, තවත් සැකකරුවන් 27 දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ජර්මානු පොලිසිය පැවැසීය.

දහතුන්වෙනි හෙන්රික් ජර්මනියේ 12 වෙනි සියවසේදී ආරම්භ වූ රෝස් රජ පෙළපතෙන් පැමිණෙන්නෙකු බව පැවැසෙයි.රෝස් පෙළපතේ පාලනය 1918 ජර්මානු විප්ලවය තෙක් වසර සිය ගණනක් දිව යයි.

1951 වසරේ දෙසැම්බර් 4 වැනිදා උපන් මොහු ෆ්‍රෑන්ක්ෆර්ට් හි දේපළ වෙළඳාම්කරුවෙකි. සූසන් ජලාලි නම් ඉරාන ජාතික කාන්තාවක සමග මොහු විවාහ වී සිටී. විවාහයෙන් පසු සූසන් රෝස් කුමරිය ලෙස ඇයව හඳුන්වන බව ද ජර්මන් මාධ්‍ය පවසා ඇත. දහතුන්වෙනි හෙන්රික් සහ සූසන් ට පුත්‍රයකු සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (2)

ජර්මන් අන්තවාදී කල්ලි සාමාජිකයන් සොයා මෙහෙයුම්

ganegoda Thursday, 08 December 2022 01:25 PM

මෙයාලා ලොකු සැලසුම් හදාගෙන ලෝකයේ හැම රටකටම ගොඩබැහැලයි ඉන්නේ... අපේ රටේත් අපිට උදව් කරන්න ඇවිත් ඉන්න ජර්මන් ජාතිකයින් ගැන සැලකිලිමත් වෙන්න...!

:       1       1

ganegoda Thursday, 08 December 2022 03:23 PM

මේගොල්ලෝ ඉස්සෙල්ලම ජර්මනියේ ජීවත්වන විදේශික මනුස්සයින්ට ගහලා, අතපය කඩලා නිදාගෙන ඉන්න මනුස්සයින්ගේ ගෙවල්වලට ගිනිතියලා ගැහැණුන්, දරුවන්, මිනිසුන් ඒ ගින්නෙන්ම ගිනිබත්වෙලා විනාශ වුණා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site