ප‍්‍රංශ නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජර්මනිය බලා ගිය ෆ‍්‍රන්සුවා ඕලන්ද් ගමන් කළ ගුවන් යානය පෙරේදා (15) රාති‍්‍රයේ අකුණු කුණාටුවකට මැදි විය.
අකුණු කිහිපයක් වැදුණු නමුත් කිසිදු අනතුරක් නොවී යානය ජර්මනියේ බර්ලීන් නුවරට පියාසර කරවීමට එහි නියමුවෝ සමත් වූහ.
ප‍්‍රංශයේ පැරිස් නුවර ෂොම්ස් දෙලීසේ මාලිගයේ දී කඩිමුඩියේ පැවැති දිවුරුම් දීමෙන් අනතුරුව, නව ප‍්‍රංශ ජනපතිවරයා බර්ලීන් නුවරට ගියේ ජර්මන් චාන්සලර්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවී යුරෝපා මූල්‍ය අර්බුදය ගැන සාකච්ඡුා කිරීමටය. ජර්මනියට පසු යුරෝපා සංගමයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට ප‍්‍රංශයයි. යුරෝ මුදල් කලාපය තුළ ආර්ථික බලවතා වන්නේ ද ප‍්‍රංශයයි. නිකලස් සාර්කෝසි ප‍්‍රංශ ජනපති ධුරය හොබවද්දී, ගතවූ වසර පහක කාලයේදී ප‍්‍රංශ යුරෝපා දේශපාලනය තුළ දකින්න ලැබුණේ ජනපති සාර්කෝසි සහ ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජලා මර්කෙල් එක්වී ගොඩනැගූ දක්ෂිණාංශික සන්ධානයයි.
සමාජවාදී දේශපාලනඥයකු වුවත් තමන් ජර්මන් චාන්සල්වරිය සමඟ සහයෝගීව කටයුතු කිරීමට සූදානම් යැයි ඕලන්ද් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මනියට යද්දී ප‍්‍රංශ ජනපතිගේ ගුවන් යානයට අකුණු වැදිලා
අමිල කටුනායක Thursday, 17 May 2012 11:42 AM
පළමුවැනි භාධකය
රත්තා Thursday, 17 May 2012 03:54 PM
බලේට ආපු ගමන්ම බලන්න ගියේ කාවද?
ශ්‍රීලාල් Friday, 18 May 2012 03:58 AM
කරුණාකර ඔබේ හැකියාවන් පෙන්වන්න.ඒ සදහා අපේ සුභ පැතුම්!