කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ දී ඉන්දීය හමුදා රථ පෙළට එල්ල කරන ලද එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමෙන් පසු මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඉන්දියාවේ පාකිස්තානය එකිනෙකාට එල්ල කරගන්නා ලද ප්‍රහාරවලින් දෙරටේ ගු-වන් හමුදාවලට අයත් ගුවන් යානා දෙකක් කඩා වැටුණු බව ද වාර්තා වේ.
මේ අතර දෙරට අතර උද්ගත වී තිබෙන තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට ඉඩ නොදී කඩිනමින් විසඳා ගන්නා ලෙස ජපානය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් රැසක් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා ඇත.
ද හින්දු ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
787
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජායිෂ් ඊ මොහම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි යෝජනාවක්
Siddik Thursday, 28 February 2019 11:40 AM
ඔබතුමා ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීමට කැපවෙන වීරයෙක්..
Nuwan Friday, 01 March 2019 06:55 AM
පොතක් ලෝකෙට කරන විනාශයක තරම!!