ඉන්දියාවේ දෙහෙරදන් නගරයේ පාසැලක 7වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට එම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් හිරිහැර කර පහර දී ඝාතනය කර ඇතැයිද පාසල් බලධාරීන් එම මෘත දේහය වළලා ඝාතනය වසන් කර ඇතැයිද පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ 12 හැවිරිදි සිසුවෙකි.
මෙම ඝාතනය මාර්තු 10 සිදුව ඇති අතර ළමා අයිතිවාසිකම් සුරැකීම් උදෙසා වන උත්තර්කන්ද් කොමිසමේ මැදිහත්වීම මත දෙහෙරදන් පොලිසිය විසින් පසුව මාධ්‍යයට පුවත අනාවරණය කර ඇත.
මෙම සිසුවා බිස්කට් කිහිපයක් සොරකම් කිරීම හේතුවෙන් පාසල් බලධාරීන් දඬුවමක් වශයෙන් ඔහු ඇතුළු සිසුන් කිහිපදෙනෙකුට පාසලින් පිටවයාම තහනම් කර තිබිණි. මේ හේතුවෙන් පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මුගුරු සහ ක්‍රිකට් පිතිවලින් සිසුවාට පහර දී ඇති බවත්, තමන්ට පාසලින් පිටවයාමට ඉඩනොදීම සම්බන්ධයෙන් උරණව ඔහුට බැණවැදී ඇති බවත් පොලිසිය පවසයි.
තුවාල ලැබූ සිසුවා රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.
සිසුවාගේ වළලන ලද මෘත දේහය පොලිසිය විසින් නැවත ගොඩගෙන පශ්චාද් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යවා ඇත. ඒ අනුව අභ්‍යන්තර රුධිර වහනයක් මරණයට හේතුවී ඇතැයි අනාවරණය වී ඇතිබවද පොලිසිය කියයි.
පාසලේ කළමනාකරු, ශිෂ්‍ය නේවාසිකාගාරයේ භාරකරු, ශාරීරික පුහුණු උපදේශකවරයා සහ සිසුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
(එන්. ඩී. ටී. වී. ඇසුරිනි)
16844
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමකින් ඉන්දියාවේ පාසල් සිසුවෙක් මරුට