සිය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට පනවා තිබෙන සීමා ක්‍රමයෙන් ඉවත් කරමින් තිබෙන බව ඉන්දියාව අද (10) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියට සිය ජාතික වාර්තාව ඉදිරිපත් කරමින් ඉන්දියාව ඒ බව දැනුම් දුන්නේය.
පාකිස්තානයේ සහාය ලැබෙන සන්නද්ධ කණ්ඩායම්වලින් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙන බවත් දේශසීමා ත්‍රස්තවාදය උත්සන්න වී ඇති බවත් ඉන්දීය දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්හ.
ජම්මු සහ කාශ්මීරය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඉන්දියාවේ ස්වෛරීභාවයට අයත් යැයි ද ඔවුහු කීහ.
ඉන්දියාව මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ජම්මු සහ කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් කරන ලද අදහස් දැක්වීමෙන් පසුවය.
ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා එල්ල වී ඇති බවත් කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් කාශ්මීරයට පනවා තිබෙන සියලු සීමා ඉවත් කරන ලෙසත් මහ කොමසාරිස්වරිය සිය කතාවේදී සඳහන් කළාය. ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රතිචාර දැක්වූයේ ඉන් දිනකට පසුවය.
ද හින්දු ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජම්මු - කාශ්මීරවලට පනවා ඇති සීමා ඉවත් කරනවා