IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජපන් මාධ්‍යවේදියා ත්‍ර‍ස්තවාදී ග්‍ර‍හණයේ ?

තම රටේ නිදහස් මාධ්‍යවේදියකු සිරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලාගෙන රඳවා තබාගෙන ඇති බවට ලැබී ඇති තොරුතුරු සම්බන්ධව විමර්ශනය කරන බව ජපන් රජය පවසයි.

ජපානයේ නිදහස් මාධ්‍යවේදියකු වන ජුම්පෙයි යසූදා මෙලෙස සිරියාවේ සන්නද්ධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන ඇති බව ජපන් රජයට දැනුම් දි ඇත්තේ දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ නමැති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය විසිනි. එම සංවිධානය ජපන් රජයෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ජූලි මාසයේ සිට ප්‍රාණ ඇපකරුවකු ලෙස සිරියාවේ සන්නද්ධ කල්ලියකට කොටු වී සිටින යසූදා බේරාගැනීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

යසූදා වෙනුවෙන් කප්පම් ඉල්ලා සිටින එම කල්ලිය පවසා ඇත්තේ තමන්ට කප්පම් ලබා නොදෙන්නේ නම් යසූදා මරා දැමීම හෝ වෙනත් ආයුධ සන්නද්ධ කල්ලියකට විකුණා දැමීම කරන බවයි. ඔහු ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇත්තේ අල් නුස්රා ෆ්‍ර‍න්ට් මිලිටන්ස් නමැති සන්නද්ධ කල්ලියක පාලනය යටතේ පවතින ප්‍රදේශයක දී ය.

මෙම මාධ්‍යවේදියා සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් ලැබී ඇති තොරතුරු අධ්‍යයනය කරන බවත් තම රටේ පුරවැසියකු බේරා ගැනීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ජපන් රජය නිවේදනය කරයි.



අදහස් (0)

ජපන් මාධ්‍යවේදියා ත්‍ර‍ස්තවාදී ග්‍ර‍හණයේ ?

චාමික Friday, 25 December 2015 02:50 AM

යසුදා මහතා මීට පෙරත් 2004 දී ඉරාකයේදී ත්‍රස්ත අත්අඩංගුවෙන් මිදී පැන ආ දක්ෂ මාධ්‍යවේදියෙක්. මෙවරත් ඔහු එලෙසම දක්ෂ වේවි යයි අපි ප්‍රර්ථනා කරමු. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site