IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජපන් ගිය 26 පිටුවහල්

දේශපාලන ආරක්ෂාව පතා පැමිණ ගමන්බලපත්‍ර කාලසීමාව ඉක්මවා රැඳී සිටි ශී්‍රලංකා ජාතිකයින් 26 දෙනෙකු රටෙන් නෙරපා හැරීමට ජපාන රජය කටයුතු කර තිබේ.

වාර්තා වන ආකාරයට දේශපාලන ආරක්ෂාව ඉල්ලා සරණාගතයින් ලෙස රටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින්ගේ ඉල්ලීම් වරක් නොව දෙවරක්ම ඉවත දමා ඇති ජපාන රජය ඔවුන්ව වහාම රටෙන් නෙරපා හැර තිබෙන්නේ සරණාගතයින් ලෙස ජපානයට ඇතුළුවීමට ඔවුන්ට කිසිඳු හේතුවක් නොමැති බව දැනුම්දෙමිනි.

කෙසේ වුවත් මේ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් ජපාන රජයේ හැසිරීම අත්නෝමතික යැයි චෝදනා කරයි.මෙම පුද්ගලයින් අතුරින් ඇතැමෙක් සැබෑවටම දේශපාලන ආරක්ෂාව ලැබිය යුතු අය බව ඔවුන් කියයි.

සාමාන්‍යයෙන් ඉල්ලීම දෙවරක් ප්‍රතික්ෂේප කළ පසු වුවද අදාළ පුද්ගලයින්ට නීති උපදෙස් ලබාගෙන නැවත වරක් සරණාගත අයිතිය ඉල්ලා සිටීමට අවසරය තිබුණත් මෙවර ජපාන රජය එයට ඉඩක් නොදී ඔවුන්ව වහාම රටෙන් නෙරපීමට කටයුතු කර තිබීම අමානුෂික යැයි එම නීතිඥයින් හදුන්වාදී තිබේ.

ශ්‍රී ලංකා ජාතිකයින් පිරිසට අමතරව සරණාගතයින් ලෙස පැමිණි වියට්නාම ජාතිකයින් පිරිසක්ද ජපානයෙන් නෙරපා හැර ඇත.

2013 වසරේ සිට ජපාන රජය සරණාගතයින් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන අතර එහි අරමුණවී ඇත්තේ රජයේ වියදම් අවම කරගැනීමය.



අදහස් (0)

ජපන් ගිය 26 පිටුවහල්

කෝලිත Wednesday, 24 December 2014 04:34 AM

වැදගත් අදහස් ටිකක් (නි)

:       0       0

කුමාර් Sunday, 21 December 2014 09:32 AM

ජපානය හරි. (ර)

:       0       0

දර්ශන Sunday, 21 December 2014 11:03 AM

මේ ඔක්කොම එක එක හොර වැඩ කරපු කට්ටිය.(හේ)

:       0       0

විදිය බණ්ඩාර Tuesday, 23 December 2014 06:51 AM

මමත් ඉන්නේ ජපානයේ . දේශපාලන රැකවරණය පතන්නන් අපේ රටේ ගරුත්වය විනාස කරනවා. ජපන් රජයට මගේ සුබ පැතුම් ! (නදී)

:       0       0

රුවන් Sunday, 21 December 2014 03:44 PM

මමත් ජපානේ ඉදන් විස නැතිව ලංකාවට ආව කෙනෙක් .ඇත්තටම මේ කාටවත් දේශපාල තර්ජන නැහැ කියලා ජපානේ දන්නා නිසා තමා ඔහොම කරලා තියෙන්නේ.(හේ)

:       0       0

සමීර Sunday, 21 December 2014 04:05 PM

මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇති.අපේ අයගේ හැටි අපිනේ දන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site