IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජපන් අධිරාජ්‍යයාට මහ ඉහළ පිළිගැනීමක්

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

64 හැවිරිදි නරුහිතෝ අධිරාජ්‍යයාගේත් මසාකෝ අධිරාජිනියගේත් බ්‍රිතාන්‍යයට පැමිණ සිටින්නේ තෙදින නිල සංචාරයක් සඳහාය.

ඔවුන් නැවතී සිටින හෝටලයට ගිය තෙවැනි චාල්ස් රජුගේ පුතු ඔටුන්න හිමි විලියම් කුමරු,  නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජිනිය බකිංහැම් මාලිගයට කැඳවාගෙන ආවේ අශ්වාරෝහකයන් පිරිවරා ගනිමින්, රත්තරන් අශ්ව කරත්තයකිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපන් අධිරාජ්‍යයාටත්, අධිරාජිනියටත් ඉතා ඉහළ රාජකීය පිළිගැනීමක් හිමිවුණු බවය.

ජපන් අධිරාජයා සහ අධිරාජිනිය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණු අතර, ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ විපක්ෂ නායක කීර් ස්ටෙමර් ද සහභාගී වූහ.

ජපන් අධිරාජයා සහ අධිරාජිනිය මෙම බ්‍රිතාන්‍ය සංචාරයට පැමිණියේ චාල්ස් රජු සහ විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් කුමරිය පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ලබමින් සිටිද්දීය.

ඊට අමතරව, චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරිය ද අශ්වයකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව සිටී.

ජපන් අධිරාජයා මීට පෙර බ්‍රිතාන්‍යයට පැමිණියේ 2022 වසරේදීය. ඒ, දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහාය. නරුහිතෝ අධිරාජ්‍යයා 1980 දශකයේ උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ජපන් අධිරාජ්‍යයාට මහ ඉහළ පිළිගැනීමක්

පිටරටවැසියා Wednesday, 26 June 2024 02:01 PM

බ්‍රිතාන්‍යයේ රජෙක් විතරයි ඉන්නෙ, රැජිනක් නෑ. රජුගෙ බිරිඳට කියන්නෙ කුමරිය කියලා. එකත් මෙයාට හිටපු එලිසබත් රැජින දුන්නෙ නෑ, පස්ස දොරෙන් රජ මාලිගයට අපු නිසා, හැබැයි දැන් කොහොමද කියලා දැනුවත් නෑ. රටේ ජනතාවට වැරදි පුවත් මගින් වැරදි වැටහීම් නොදෙන්න...ස්තූතියි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 197 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 60 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site