උතුරු කොරියාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ, උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි. කොරියානු රජය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජාංග්ය. නායක කිම් ජොන් උන්ට පසු උතුරු කොරියාවේ බලවත් චරිතයක් වන්නේ කිම් යෝ ජාංග්ය.
‘පුළුවන් ඉක්මනින්, නායක කිම් ජොන් උන් හමුවන්න ඕනෑ, ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා කැමැත්ත පළ කර තිබෙනවා.’ යැයි කිම් යෝ ජාංග් පවසා ඇත.
උතුරු කොරියාව සහ ජපානය අතරේ එදිරිවාදිකම් පවතී. උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික මිසයිල වැඩසටහන ඊට ප්‍රධාන හේතුවක් වී ඇත. උතුරු කොරියාව ඔවුන්ගේ දිගු දුර මිසයිල අත්හදා බලන්නේ ජපානය දෙසට ඒවා විදීමෙනි.
එය ජපානයට තර්ජනයකි. ජපානය, ඇමෙරිකාව සහ දකුණු කොරියාව සමඟ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට විරෝධය පළ කරයි. ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා, උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් යටතේය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපන් අගමැති උතුරු කොරියන් නායකයා හමුවන්න කැමතියි