බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අධිකාරියක් නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත.
එම නීති කෙටුම්පත මඟින් යෝජනා කර ඇති පරිදි වයස අවුරුදු 18 ට අඩු ළමයින් ජංගම දුරකතන සහ පරිගණක ක්‍රීඩාවල නිරත විය යුතු කාලය සතියේ දිනවල විනාඩි 60 කට සහ සති අන්ත හා ජාතික නිවාඩු දිනවල විනාඩි 90 කට සීමා කර තිබේ.
කනිෂ්ඨ උසස් පාසල් සහ මූලික පාසල්වල සිසුන්ට රාත්‍රී 9.00 න් පසු ජංගම දුරකතන සහ පරිගණක භාවිත කිරීමට අවසර නොලැබෙන අතර උසස් පාසල්වල සිසුන්ට රාත්‍රී 10.00 න් පසු එය තහනම් වේ.
කෙසේ වෙතත් සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපාංග භාවිත කරන්නේ නම් මෙම නීති අදාළ නොවේ.
මෙම නීති මඟින් දඬුවම් නියම නොකරන ලද නමුත් දරුවන් මෙම උපාංග භාවිත කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට දෙමව්පියන්ට බලකෙරේ.
මෙම නීති පිළිබඳ මහජන අදහස් ලබාගැනීමෙන් පසු එය ලබන මාසයේදී ඉදිරිපත් කිරීමටත් එළඹෙන අප්‍රේල් මාසයේ සිට එය බලාත්මක කිරීමත් අපේක්ෂාව වී ඇත.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ අන්තර්ජාලය භාවිත කරන බාලවයස්කරුවන්ට නව නීති