IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ජිනීවා සාම සමුළුවට සහභාගී වෙන්න සූදානම්

සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් නව සාම යෝජනාවලියක් ද සමඟ ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සහභාගී වීමට තමන් සූදානමින් සිටින නමුත්, තම රජය පෙරැළීමට උත්සහ කරන ‘ත‍්‍රස්තවාදීන්’ සමඟ සාකච්ඡා කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටී.

සිරියානු ජනපති අසාද් දිගින් දිගටම කියා සිටින්නේ, තම රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් ත‍්‍රස්තවාදීන් කියාය.

වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක්් බවට පත් වී ඇත. සිරියාවේ ගැටුම්වලින් 1,20,000 ක් මියගොස් ඇති බවත්, මිලියන 7.8 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.

ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සාම සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාතික ප‍්‍රජාවගේ ද එකමුතුවෙනි. සමුළුවේදී සිරියානු අර්බුදය සාකච්ඡුා කෙරෙන්නේ නම්, සිරියානු රජය සහ කැරැුලිකාර පාර්ශ්වයේ ‘සැබෑ දේශපාලන නියෝජිතයන්’ මෙන්ම සිරියානු රජයට සහාය දක්වන ඉරානය ද ඊට සම්බන්ධ කරගත යුතු යැයි රුසියාව පවසා ඇත. සිරියානු අර්බුදයේදී සිරියානු රජයට සහාය දෙන්නේ රුසියාවය.

සිරියාවේ ‘ත‍්‍රස්තවාදී’ කටයුතු සම්බන්ධයෙන් අසල්වැසි තුර්කිය ද වගකිව යුතු යැයි, සිරියානු ජනපති අසාද් චෝදනා කර ඇත. නේටෝ සාමාජික රටක් ද වන තුර්කියේ සහාය පළ වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. කෙසේ නමුත් සිරියානු අර්බුදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන විසඳුමක් සෙවීමට එක් වී කටයුතු කරන බව ඉරානය සහ තුර්කිය අවධාරණය කර ඇත.

මේ වනවිට සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ අවි නිරීක්ෂකයෝ සිරියාවට පැමිණ සිරියානු රජයේ රසායනික අවි ඇති ස්ථාන වෙත ගොස් ඒවා පරීක්ෂාවට ලක් කිරීම ද ආරම්භ වී ඇත.



අදහස් (0)

ජිනීවා සාම සමුළුවට සහභාගී වෙන්න සූදානම්

කුමාරි Tuesday, 08 October 2013 10:35 AM

දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ සියා මුස්ලිම්, සුන්නි මුස්ලිම් දෙකේ වෙනස මොකක්ද? කරුණාකර මුස්ලිම් සහෝදරයෙක් පැහැදිලි කරනවද?? (ස)

:       0       0

ඉෂාක් Tuesday, 08 October 2013 11:12 AM

කුමාරි සියා මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති තමුන්ගේ අදහස් ආගමට ඇතුලත් කරගත් කොට්ටාශයක් ඔවුන් මුසල්මානුවන් නෙමෙයි (නදී)

:       0       0

උපුල් Tuesday, 08 October 2013 11:35 AM

කාටද කියන්න පුළුවන් කවුද වැඩියෙන් භක්තිමත් කියලා? අනිත් කෙනා හරි කියන්න අපි කවුද? (නි)

:       0       0

උදය Tuesday, 08 October 2013 12:26 PM

ඉෂාක්, කියන විදිහට සුන්නි මුස්ලිම් නියම මුස්ලිම්. ඒ වගේම ලෝකේ වැඩියම අපරාධ වලට සම්බන්ධ සුන්නි මුස්ලිම්. ෂියා මුස්ලිම් රටවල් ගොඩක් ලෝකයට සේවය කරපු මිනිස්සු ඉන්න රටවල්. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 08 October 2013 02:20 PM

අසාද් එක්ක මොනවා කතා කරන්නද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 209 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 84 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 276 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 186 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2149 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 113 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site