IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජෙනරාල් සුලෙයිමානීගේ දේහයට ඉරානයේ උත්තරීතර නායකයා අවසන් ගෞරව දක්වයි

ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී ඉතා හැඟීම්බර වූ බවත් කඳුළු සැළු බවත් වාර්තා වේ.  

ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්විය.

හෙතෙම ඉරානයේ විප්ලව ආරක්ෂක බළකායේ විදෙස් මෙහෙයුම් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියේ වශයෙන් කටයුතු කළේය.

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ ඔහුගේ සිරුර ඉරිදා (5) අලුයම ඉරානයට රැගෙන ආ අතර අද (6) ඉරානයේ තෙහ්රාන් නුවරට රැගෙන ආවේය.

බොහෝ දෙනකුට අවසන් ගෞරව කිරීමට ඉඩ සැලසීම සඳහා ජෙනරාල් සුලෙයිමානීගේ සිරුර තෙහ්රාන් සරසවියේ තබා තිබිණි.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

ජෙනරාල් සුලෙයිමානීගේ දේහයට ඉරානයේ උත්තරීතර නායකයා අවසන් ගෞරව දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site