IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනරාල් අලි වංචාවක්

සේවයේ සිටියදී ඩොලර් කෝටි 31( රුපියල් කෝටි 4092) ක වංචා කළේ යැයි හිටපු චීන ලූතිනන් ජෙනරාල් වරයෙකුට චෝදනා නැගී තිබේ.

ගු ජුන්ෂාන් නම් වන මෙම ලූතිනන් ජනරාල්වරයා අවි ගනුදෙනු,අයථා ලෙස පත්කිරීම්,ආරක්ෂක අංශ වෙත වෙන්කෙරෙන මුදල් ගසා කෑම්, ආදියෙන් මෙම මුදල් ප්‍රමාණය උපයාගෙන ඇතැයි කියැවේ.ඔහු මේ වන විට නීතිය හමුවට කැදවා සිටී.

තමන්ට කිසියම් පුද්ගලයෙකු මුදලට ගැනීමට අවශ්‍යවූයේ නම් එම පුද්ගලයාට රන් කුට්ටි පිරැවූ මර්සිඩිස් බෙන්ස් රථයක් පිළිගැන්වීම මෙම ලූතිනන් ජනරාල්වරයාගේ පුරුද්ද බව පැවසේ.

ඔහු තම වංචා කටයුතු සිදුකරගෙන ගොස් ඇත්තේ තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකුගේ ආධාර ඇතිව බවද අනාවරණයව තිබේ.චීන හමුදාවේ මධ්‍යම ආරක්ෂක කොමිසමේ හිටපු ප්‍රධානියෙකු වන මේ නිළධාරියාද මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය.

ගු ජුන්ෂාන් හට කවර දඩුවමක් ලබාදිය යුතුදැයි තීන්දුව ලබාදීමට නියමිත මේ සමයේ ඔහු පිළිඹද තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු මුදල් නොව රත්‍රන් කුට්ටි ප්‍රිය කළ අයෙකි.එනිසා ඔහු ලවා කිසියම් කටයුත්තක් කරවා ගැනීමට පැමිණෙන පුද්ගලයෙකු ඔහුට සන්තෝෂම් ලෙස දිය යුතුව තිබී ඇත්තේ රත්‍රන් කුට්ටියකි.

මේ මහා වංචාකරුවන් දෙදෙනාම නීතියේ දැලට හසුව ඇත්තේ චීන ජනපති ෂි ජන්ග්පින්ග් රජයේ දුෂණ මර්දනය කිරීමට දියත් කළ වැඩසටහනකිනි.

එම වැඩසටහන ආරම්භ කිරීමේදී චීනයේ වඩාත්ම දූෂණ කටයුතු සිදුවන්නේ ආරක්ෂක අංශ හා සම්බන්ධ කටයුතු වලදී බව ඔහු පැවසීය.

එරට අයවැයෙන් ආරක්ෂක අංශ සදහා වසරකට ඩොලර් බිලියන 190 ක් පමණ වෙන්කෙරේ.



අදහස් (0)

ජනරාල් අලි වංචාවක්

සමන්ති Thursday, 11 December 2014 12:03 AM

කාටද ආඩම්බර! (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Thursday, 11 December 2014 08:36 PM

දකුණු ආසියාවේ රටවල ගහන ගැහිලි වලට සාපේක්ෂව, මේවා මොන ගැහිලිද ? (අ)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 03:53 PM

මම ඉන්න රටෙත් තියෙනවා දුෂණ මර්දන බල ඇණියක්.ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site