චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට අවස්ථාව උදා වීමත් සමඟ ෂී ජින්පින් තෙවැනි වරටත් චීන ජනාපධිති ධුරයට පත් විය.
චීනය පාලනය කරනු ලබන්නේ ‘කොමියුනිස්ට්’ පක්ෂ විසිනි. ‘කොමියුනිස්ට්’ පක්ෂයේ සභාපතිවරයා රටේ නායකයා මෙන්ම සේනාධිනායකයා ද වෙයි.
පසුගිය සතිය පුරාවට ‘කොමියුනිස්ට්’ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව, බෙයිජීං අගනුවර මහජන ශාලාවේ පැවැත්වුණේ පක්ෂ සාමාජිකයන්ගේ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙනි.
‘කොමියුනිස්ට්’ පක්ෂ කොංග්‍රස් සමුළුව අවසන් වූ අතර, පක්ෂ සභාපති ධුරය සඳහා ෂී ජින්පින් යළි තෝරා ගැනීම සිදුවිය.
ඊට අමතර, පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා පත් කර ගැනීම සිදුවූයේ ද ජින්පින්ගේ හිතවාදීන්ය.
මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ගණන 200 කට වැඩිය. ඔවුන් සියලු දෙනාට වඩා ඉහළින් සිටින්නේ පක්ෂ සභාපති ෂී ජින්පින්ය. කාන්තාවන් කිසිවකු මෙම සාමාජිකයන් අතර නැත.
පිටපිට තෙවරක් ‘කොමියුනිස්ට්’ පක්ෂ නායකත්වයටත්, චීන ජනාධිපති ධුරයටත් පත්වුණු නායකයා ෂී ජින්පින්, මාඕ සේතුංගෙන් පසු චීනයේ බිහිවුණු ප්‍රබලතම නායකයා ලෙස පිළිගැනෙයි.
(ඒ.එෆ්.පී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජින්පින් තෙවැනි වරටත් චීනයේ ජනාධිපති ධුරයට
ganegoda Monday, 24 October 2022 10:06 AM
සන්තෝසයි. අපෙන් සුබපැතුම් !