IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනපති බරක් ඔබාමා තායිලන්තයට පැමිණෙයි

දෙවැනි ධුර කාලය සඳහා ජනවරමක් හිමි කරගත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ඊයේ (18) තායිලන්තයට පැමිණියේය. ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් බැංකොක් නුවර ඩොන් මියන් ගුවන් තොටුපොළට පැමිණි ඇමෙරිකා ජනපතිවරයා හරසරින් මෙන්ම ඉතා උණුසුම් අයුරින් ද පිළිගැනීමට තායිලන්ත ජනපතිනි යිංග්ලක්  ෂිනවත‍්‍රා කටයුතු කර තිබිණි. තායිලන්ත සංචාරයෙන් අනතුරුව ජනපති ඔබාමා මියන්මාරයේ සංචාරය කරයි.  ඇමෙරිකානු ජනපතිවරයකු මියන්මාරයට පැමිණෙන  ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ජනපති ඔබාමාගේ මෙම සංචාරය ඓතිහාසික එකක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඇමෙරිකා රජය තවමත් මියන්මාරය හඳුන්වන්නේ ඔවුන් භාවිත කළ පැරැණි නම වන බුරුමය ලෙසිනි. මෙම සංචාරයේ දී ජනපති ඔබාමා මියන්මාර ජනපති සහ මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ද්වීපාර්ශ්වික රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ජනපති ත්වෙන් ස්වෙන් හමුවීමෙන් පසු ඔබාමා සහ මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී අතරේ ද විශේෂ හමුවක් පැවැත්වේ. මියන්මාරයේ සිවිල් රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට යොමු වී ඇති අතර ඔවුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා ඇමෙරිකාවේ ප‍්‍රසංශාවට ලක් වී සිටී. ඇමෙරිකාව මේ වනවිට මියන්මාරයට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කර ඇත. ජනපති ඔබාමාගේ මෙම මියන්මාර සංචාරයෙන් පසු එම සම්බාධක ඉවත් කර ගැනීමට හැකි වනු ඇතැයි මියන්මාර රජයේ අපේක්ෂාව වී ඇත. ඇමෙරිකාව මියන්මාරයට එම සම්බාධක පැනැවූයේ 1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේදීය. සූ කී වසර 15 ක් නිවාස අඩස්සියේ තැබුවේ ද එම හමුදා රජයයි. 2010 වසරේ මහ මැතිවරණයෙන් පසුව  මියන්මාරයේ සිවිල් රජයක් පිහිටුවූ අතර හමුදා නායකයන් හමුදා ධුරවලින් සමුගෙන එම රජයට නායකත්වය දෙයි. වත්මන් ජනපති ත්වෙන් ස්වෙන් ද හිටපු හමුදා නායකයෙකි. නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ අදියර කීපයකින් ඉදිරිපත් කරමින් ඒවා නිසි ලෙස ති‍්‍රයාත්මක කළ අතර සූ කීට මියන්මාර රජයේ මන්තී‍්‍රවරියක වීමට අවස්ථාවක් ලැබුණේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ අනුව පැවැති අතුරු මැතිවරණයකදීය. ඊට අමතරව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මාධ්‍ය නිදහසට ඉඩ දීම ද සිදුවුණේ එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහාය. මියන්මාරයේ මේ දිනවල පවතින ආගමික ගැටුම්වලට කඩිනමින් විසඳුම් සෙවීමට මියන්මාර රජය සමඟ ජනපති ඔබාමා සාකච්ඡුා කිරීමට නියමිත යැයි ද වාර්තා වේ. දෙදින මියන්මාර සංචාරයෙන් පසුව ඔබාමා   කාම්බෝජයේ ද සංචාරය කරමින් එම රටවල් සමඟ ද රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා තර කර ගැනීමට නියමිතය. ජනපති ඔබාමාගේ අරමුණ වී ඇත්තේ ආසියා කලාපීය රටවල තම බලය පතුරුවා ගැනීමට යැයි චීනයත් උතුරු කොරියාවත් චෝදනා කරයි. බැංකොක් නුවර ඩොන් මියුන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට සපැමිණි ජනපති ඔබාමා හමුදා ගෞරවාචාර මැද පිළිගත් අවස්ථාව බැංකොක් නුවර පිහිටි වත් පෝ රාජකීය පන්සල වෙත පැමිණි ජනපති ඔබාමා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්...



අදහස් (0)

ජනපති බරක් ඔබාමා තායිලන්තයට පැමිණෙයි

ප්‍රවීන් Monday, 19 November 2012 10:24 AM

හිලරි පන්සලුත් යනව ද දැන්නෑ. පරිස්සම් වෙන්න ඕනේ. තායි ජනතාව දැන්. (අ)

:       0       0

උපුලි Tuesday, 20 November 2012 01:48 AM

සාදරයෙන් පිලි ගන්නවා

:       0       0

ලාල් Monday, 19 November 2012 06:55 PM

සන්තෝසයි

:       0       0

නාපාවල කටාර් Monday, 19 November 2012 01:06 PM

ආසියාතික රටවල් තම අනසකට නතුකර ගැනීමේ පියවරක් , යටි අරමුණ චීනයේ නැගිටීම කඩා දැමීමයි .සමාජවාදී රටවල් ආරක්ෂා කරගත යතුයි .(ස)

:       0       0

මුතු Monday, 19 November 2012 06:54 PM

ඒ අය පන්සල් විතරක් නොවෙයි මහනදම්පුරන්න උනත් ඉදිරිපත් වෙයි ඒ අයගේ වාසියට. (ස)

:       0       0

මුතු Monday, 19 November 2012 02:10 PM

මියන්මාරයේ රංතරන් තිබෙන බවට කසුකුසුවක් තිබෙනවා. ඒ රටට යන්නේ යමි කිසි හේතුවක් ඇතිවයි. (ස)

:       0       0

මධූ Tuesday, 20 November 2012 02:28 PM

ඔබාමට ලංකාවට එන්න හිතක් නැද්ද (ස)

:       0       0

අල්විස් Monday, 19 November 2012 02:54 PM

සහයෝගය වර්ධනය කිරීමක් (දී)

:       0       0

අමිල කටුනායක Monday, 19 November 2012 09:46 PM

ආපු එකේ බලන්න වටින හැමදෙයක්ම බලලාම යන්න. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 19 November 2012 09:29 PM

අපේ රටටත් එනවා නියම අය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site