IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජනපතිවරණයේ දෙවැනි වටය කඩිනම් කරන්නැයි බලපෑම් එපා

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව, තාවකාලිකව කල් දැමුණු මාලදිවයින් ජනපතිවරණයේ දෙවැනි වටය කඩිනමින් පවත් වන්නැයි, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එල්ල කරන බලපෑම් වහා නතර කරන්නැයි එරට ජනාධිපති මොහොමඞ් වහීඞ් පෙරේදා (2) ඉල්ලීමක් කළේය.

ජනපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ ඉකුත් සැප්තැම්බර් 7 වැනිදාය. එයින් ජයග‍්‍රහණය කළේ, බලයෙන් පහ කරනු ලැබ සිටින හිටපු

බලයෙන් පහ කළ ජනපති නෂීඞ්

ජනාධිපති මොහොමඞ් නෂීඞ්ය. ඔහු සියයට 45 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තේය.

වත්මන් ජනපති වහීඞ් හසන්ට හිමිවූ ඡුන්ද ප‍්‍රතිශය සියයට 5 ක් පමණි. දෙවැනි ස්ථානයට පත් වූයේ අබ්දුල්ලා යෙමීන් ය. ඔහුට හිමිවූයේ ප‍්‍රතිශතය සියයට 25 කි. යෙමීන්, අබ්දුල් ගයුම්ගේ ඥාතියෙකි.

නෂීඞ්ට හෝ අබ්දුල්ලා යෙමීන්ට හෝ සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වූ හෙයින් ජනපතිවරණයේ දෙවැනි වටය ඉකුත් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.

දෙවැනි වටය තාවකාලිකව කල් දැමීමට මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට දින කිහිපයකට පෙර තීරණය කළේ, ජනපතිවරණයේදී අක‍්‍රමිකතා සිදුවුණේ යැයි තෙවැනි ස්ථානයට පත් අපේක්ෂක ගසීම් ඊබ‍්‍රහීම් කළ චෝදනා අනුවය. ගසීම් ඊබ‍්‍රහීම්, මාලදිවයිනේ ධනවත්ම පුද්ගලයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු ද වෙයි.

මොහොමඞ් නෂීඞ්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් බලයට පත් වූයේ 2008 වසරේදීය. ඒ, මාලදිවයිනේ පැවැති පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයෙනි. ඒවනතෙක්ම වසර 30 ක් තිස්සේ බලයේ සිටියේ අබ්දුල් ගයුම්ය.

ඉකුත් වසරේ දී, එනම් 2012 දී නෂීඞ් අධිකරණ විනිසුරුවරයකු සමඟ ගැටුම් ඇති කර ගත්තේය. ජනපති බලතල අයතු ලෙස පාවිච්චි කරනවා යැයි නෂීඞ්ට චෝදනා එල්ල වන්න විය.

එම වසරේ පෙබරවාරි මාසයේ දී ජනතා විරෝධය මැද ආරක්ෂක අංශ සිදුකළ කුමන්ත‍්‍රණයකින් නෂීඞ්ට බලයෙන් ඉවත් වීමට සිදුවිය. නෂීඞ් බලයෙන් ඉවත් වූයේ උප ජනපති ධුරයේ කටයුතු කළ වහීඞ් හසන්ට බලය පවරා දෙමිනි. ඒ අනුව ඔහු ජනපති ධුරයට පත් වූයේය. එම අවස්ථාවේදී නෂීඞ් චෝදනා කළේ වහීඞ් හසන් කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමූ බවය.

නෂීඞ් එල්ල කළ එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද පැවැත්විණි. එහිදී තහවුරු වූයේ ද නෂීඞ්ගෙන් වහීඞ්ට බලය පැවැරීම නීත්‍යාණුකූලව සිදු වූවක් කියාය.
 



අදහස් (0)

ජනපතිවරණයේ දෙවැනි වටය කඩිනම් කරන්නැයි බලපෑම් එපා

මාගරී Friday, 04 October 2013 02:44 PM

මෙතුමා ජිනීවා සමුළුවේදී ලංකාව වෙනුවෙන් හොද කතාවක් කළා (නි)

:       0       0

පෙත්තා Saturday, 05 October 2013 04:56 AM

බලපෑම් වැරදියි.ඒ වුණාට ප්‍රමාදය අඩුපාඩු ඇති බව පෙන්නනවා. (නි)

:       0       0

ගාමිණී ජයලත් Saturday, 05 October 2013 08:37 AM

ප්‍රජාතන්ත්‍රවාදය මාල දිවයින තුල ස්තාවර කල ඔබ දිනේවා! (නදී)

:       0       0

සුසන්ත Friday, 04 October 2013 08:19 PM

ජය වේවා නෂීඩ් (දී)

:       0       0

නදීෂාන් Friday, 04 October 2013 12:17 PM

බලයෙන් පහ කළ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් හරිම චාම් පුද්ගලයෙක්. ජනපතිවරණයේ දෙවැනි වටයෙන් ඔහුට ඉහළ ජයක් අත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site