IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෝඩු සුසානයක් රුසියාවේ

පිරිමින් හා ගැහැණුන් යුගළ වශයෙන් වළදමා තිබූ මිනී වළවල් සමූහයක් සොයාගැනීමට රුසියා පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.

සයිබීරියාවේ ස්ටාරි ස්ටාර්ටස් නම් ගම්මානයකින් හමුව ඇති මෙම මිනී වළවල් වසර 3500 ක් පමණ පැරණි වේයැයි සදහන්ය.

ඒවායේ පිරිමින් හා ගැහැණුන් වළ දමා තිබී ඇත්තේද ඔවුන් පෙම්වතුන් හෝ සැමියා හා බිරිද ලෙස හඟවන අයුරින් වීම විශේෂය.අත් අල්වාගෙන,එකිනෙකා වැළදගෙන ආදී ඉරියව් දැක්වෙන අයුරින් ඇට සැකිළි සකස් වී තිබුණු බව පුරාවිද්‍යාඥ පිරිස පවසයි.

මෙසේ යුගල වශයෙන් වළදැමිීමට නිශ්චිත හේතුවක් මෙතෙක් ඉදිරිපත් කෙරී නොමැත.පුරාවිද්‍යාඥයන් පවසන්නේ දෙදෙනාම එකටම මියගොස් මෙසේ වළදමන්නට ඇතැයි සිතිය හැකි මුත් මිනිීවළවල් සමූහයක් ඇති හෙයින් එසේ සිතන්නටත් අපහසු බවයි.

සිදුවන්නට ඇතැයි ඉහළ සම්භාවිතාවක් ඇති අවස්ථාව ලෙස ඔවුන් දක්වනුයේ සැමියා පළමුව මියයන්ට ඇති බවයි.අනතුරුව ඔහු හා ‘එහා‘ ලෝකයේදී එකතු වීමේ අරමුණින් බිරිදවද මරණයට කැප කර ඇයව ඔහුත් සමග වළදමන්නට ඇතැයි ඔවුන් මත පල කරයි.

මෙම ඇටසැකිළි වල ඩී.එන්.ඒ පරීක්ෂාවන් සිදුකිරීමට නියමිත අතර එයින් පසු මෙසේ පුද්ගලයින් වළදැමිීම පසුපස ඇති රහස එළි කරගැනීමට හැකි වනු ඇතැයි කැණීම් කටයුතු මෙහෙයවූ පුරාවිද්‍යාඥ පිරිස කියයි.

 



අදහස් (0)

ජෝඩු සුසානයක් රුසියාවේ

රිස්වාන් ඩුබායි Monday, 30 December 2013 01:25 PM

දාන්නකෝ පින්තුරු ටිකක් බලන්නත් ආසයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 30 December 2013 11:22 AM

ඉන්දියාවේ රාජේස්ථාන්වල ඈත පිටිසර පළාත් වල පැවති සති පුජාවට සමාන සිදුවීමක් වගෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site