IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජංගම හලෝව දිවි බේරයි

ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩය උඩු සාක්කුවේ දමා තිබූ ජංගම දුරකථනයේ දැවටීම නිසා තායිවානයේ හ්සින්චු ප්‍රදේශයේ අවන්හලකදී ගැටුමකට මැදිවී වෙඩිකෑ පුද්ගලයෙකු දිවි ගලවාගත්තේය.

උණ්ඩය දැවටුණු ජංගම දුරකථනය දැඩිව සිරුරට තෙරපීම නිසා ඇතිවූ කුඩා තැල්මක් හැරෙන්නට ඔහුට කිසි ආපදාවක් නොවීය.

වෛද්‍යවරු පැවසූයේ ජංගම දුරකථනය නොතිබුණේ නම් ඔහු නියත වශයෙන්ම මිය යන්නට තිබුණු බවයි.

ඔහුට වෙඩි තැබූයේද ඔහුගේම මිතුරෙකුය.

ඔහු නොදැනුවත්ව බිම වැටී තිබුණු ඔහුගේ මුදල් පසුම්බිය අසුළාගත් මිතුරා එයින් මුදල් රැගෙන මුලූ අවන්හලටම මත්පැන් මිලදී ගෙන දෙන්නෙමියි මහ හඩින් පැවසීම ගැටුමට මුල් විය.

බැණ අඩ ගසා ගැනීම් උත්සන්නව අවසානයේ මිතුරා තුවක්කුවක් රැගෙන වෙඩි තැබීය.

ඔහු පළා ගිය අතර පසුව ඔහුම පැමිණ පොලිසියට භාරවී ඇතැයි සදහන්ය.



අදහස් (0)

ජංගම හලෝව දිවි බේරයි

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:29 PM

ඒක නම් " බුලට් ප්රුෆ් " ජංගම හලෝවක් වෙන්න ඇති. (නි)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:30 PM

දැන් තියෙන ශක්තියෙන් අඩු මොබයිල් නියම වෙඩි උණ්ඩයකට නම් කුඩේ කුඩුම තමා! (නි)

:       0       0

අජිත් Thursday, 31 July 2014 02:02 PM

අන්න නියම යාලුවෝ. අදහන්න වටිනවා!!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site