IMG-LOGO

ඡන්ද විමසුම කල් දැමීම සම්බන්ධයෙන් හදිසි විවාදයක්

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
 
 
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන එරට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් අද (11) විශේෂ හා හදිසි විවාදයක් පැවැත්වීමට නියමිතය.
 
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එරට අගමැතිනි තෙරේසා මේ ගන්නා ලද තීරණය පිළිබඳව ඡන්ද විමසීමක් ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබිණි. 
 
එහෙත් විවාදයෙන් පසුව ඡන්ද විමසීම කල් දැමීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කළාය. 
 
ඡන්ද විමසීම පැවැත්වූයේ නම් අගමැතිනිය ඉන් පරාජය පත්වන්නට වැඩි ඉඩක් තිබිණි. අද විවාදය පැවැත්වෙන්නේ ඇයගේ තීරණය සම්බන්ධයෙනි. 
 
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය, කතානායක ජෝන් බර්කොව්ගෙන් කරන ලද ඉල්ලීමක් සළකා බලමින් මෙම විවාදය කැඳවා ඇත.
 
“ආණ්ඩුවට ඒකපාර්ශවීයව වෙනස්කම් කරන්න බැහැ. විශේෂයෙන්ම ආණ්ඩුව නියමිත කාලසීමාවක් සම්බන්ධයෙන් එකඟතාව පළකර තිබියදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කැමැත්තක් නොමැතිව එසේ කරන්න බැහැ” යැයි කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් කීය. 
 
කම්කරු පක්ෂය කරන ඉල්ලීමට තෙරේසා මේගේ කන්සර්වේටිව් පක්ෂයෙන් ද සහයෝගය හිමිවීම විශේෂිත කරුණකි. 
 
මේ අතර සෙංකෝලය පැහැර ගැනීමට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු උත්සාහ කළ අතර පසුව ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලදී. 
 
සෙංකෝලය පැහැර ගැනීමට ඔහු ගන්නා ලද උත්සහාය ඓතිහාසික හා විශේෂිත අවස්ථාවක් යැයි ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තුවේ කටයුතු නැවැත්වීම ඔහුගේ අවශ්‍යතාව වූ බව පසුව වාර්තා විය. 
 
 
055



අදහස් (1)

ඡන්ද විමසුම කල් දැමීම සම්බන්ධයෙන් හදිසි විවාදයක්

de silva Tuesday, 11 December 2018 01:07 PM

ආණ්ඩුවට බහුතරය නැත්නම් සෙන්කෝලේ විතරක් පැහැරගෙන මදි... වතුර, පුටු සහ මිරිස්කුඩු ප්‍රහාර දෙන්න ඕනේ. යෝජනාව පරාද වෙනබව පෙනෙනවා නම් ආණ්ඩු පක්ෂයට පුළුවන් පාර්ලිමේන්තුව වර්ජනය කරන්න. අවශ්‍ය නම් ලංකාවෙන් හොඳ පුහුණුකරුවෙක් ගෙන්වාගන්න වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1758 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 666 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site