IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චාල්ස් රජු ලෝක නායකයන් හමුවෙයි

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ලන්ඩනට පැමිණි ලෝක නායකයන් පිළිගැනීමට තෙවැනි චාල්ස් රජු කටයුතු කළේය.

රාජ්‍ය නායකයන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් බකිංහැම් මාලිගයේ සංවිධානය කර තිබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේ, ලෝක නායයන් වෙනුවෙන් බකිංහැම් මාලිගයේ මෙලෙස විශේෂ උත්සවයක් සංවිධානය කෙරුණේ දශක ගණනකට පසුව බවය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, ඔස්ටේ්‍රලියා අගමැති ඇන්තනි ඇල්බනීස් සහ තෙවැනි දාල්ස් රජු අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. මහ රැජිනගේ අභාවයෙන් පසු කැනඩාවේ, නවසීලන්තයේ සහ ඕස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයා බවට පත් වූයේ තෙවැනි චාල්ස් රජුය.

රැජිනගේ අවමංගල්‍යය සඳහා එංගලන්තයට පැමිණෙන රාජ්‍ය නායකයන්, අවමංගල උත්සවය සඳහා ලන්ඩන් නුවරට රැගෙන යෑම සිදුවන්නේ විශේෂ බස් රථ සේවාවකින් යැයි බි්‍රතාන්‍ය රජය කල්තියා දැනුම් දී තිබුණි.

කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් වෙනුවෙන් බි්‍රතාන්‍ය රජය විශේෂ සැලකිල්ලක් දැක්වීමට කටයුතු කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ ආර්යාවට ඔවුන්ගේ නිල රථය වන ‘ද බීස්ට්’ මෝටර් රථය භාවිත කිරීමට අවසර හිමි වී ඇත.

ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන්ට එසේ විශේෂ සැලකිල්ලක් දැක්වූවත්, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජනිය ට එවැනි සැලකිල්ලට හිමි වී නැත.

ජපානයේ සිට අති සුඛොපභෝගී ගුවන් යානයක පළමු පංතියේ අසුන් ගෙන එංගලන්තයට ආ ජපාන රාජකීය යුවළ ට ද අවමංගල උත්සවයට යෑමට සිදුවනු ඇත්තේ විශේෂ බස් රියෙනි.

දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමේ අරමුණින් බි්‍රතාන්‍ය රජයේ ඇරැයුම පිළිගනිමින්, ලන්ඩනයට ආ රාජ්‍ය නායකයන් අතරේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ද වෙති.

(රොයිටර්)



අදහස් (0)

චාල්ස් රජු ලෝක නායකයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site