IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චාල්ස් කුමරුට ගොම ප‍්‍රහාරයක් එල්ල කරන්න හැදූ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට

නවසීලන්තයට පැමිණි බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා පාකර් ආර්යාවට ගොමවලින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි තරුණයකු පෙරේදා (12) අත්අඩංගුවට ගැනීමට වෙලිංටන් නුවර පොලිස් නිලධාරීහු සමත් වූහ. සෑම් බැරැක්නෝව් නමැති එම නවසීලන්ත ජාතිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, රාජකීය යුවළට කිට්ටු වීමෙන් වැළැකී සිටින්නැයි යන කොන්දේසිය මත ඔහුට ඇප නියම කෙරුණි. සෑම් බැරැුක්නෝව් රාජාණ්ඩු විරෝධියකු යැයි පොලිසිය පවසයි. තමා අත්අඩංගුවට පත් නොවුණා නම්, නිසැකවම චාල්ස් කුමරුට ගොම දියකර ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කර සිටි බව අධිකරණයෙන් පිටව යද්දී සෑම් බැරැුක්නෝව් මාධ්‍යවේදීන්ට පවසා ඇත. මහ රැජිනගේ රාජප‍්‍රාප්තියේ 60 වැනි සංවත්සරය සැමැරීමට,  චාල්ස් කුමරු සහ පැමිලා ආර්යාව  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරති. චාල්ස් කුමරු නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවර වැසියන් හමුවෙමින්



අදහස් (0)

චාල්ස් කුමරුට ගොම ප‍්‍රහාරයක් එල්ල කරන්න හැදූ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට

ෂෙරීෆ් Wednesday, 14 November 2012 09:56 PM

නවසීලන්තේ ගොඩක් එලහරක් ඉන්න නිසා පහසුවෙන්ම ගොම පහරක් එල්ලකර හැකියි (ස)

:       0       0

ගයාන් Thursday, 15 November 2012 04:35 PM

තව ගොම සංග්‍රහ ලබන්න සුදුසු අය ඉන්නවා. (නි)

:       0       0

සුමුදු Wednesday, 14 November 2012 03:44 PM

අනේ අපේ කෙනෙකුත් එන වෙලාවක් බලලා ගහන්නකෝ. (නි)

:       0       0

නදී Thursday, 15 November 2012 01:20 AM

අපේ අයත් ඕක පටන් ගනීවිද දන්නේ නැ . කොපිකරන්න දක්ෂයොනේ...චාල්ස්ගේ වෙලාව හොඳයි (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 14 November 2012 01:16 PM

හපොයි ගොමද? දැන් ලංකාවේ අයත් පුරුදුවෙයි ඔය ක්‍රමවේදය. (නි)

:       0       0

මධූ Wednesday, 14 November 2012 01:19 PM

ගොම ‍හොඳ වැඩියි (ස)

:       0       0

වීරසේකර Sunday, 18 November 2012 12:03 PM

ලංකාවේ නම් හුගක් කට්ටිය ගොම නාගෙනනේ ඉන්නේ. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 14 November 2012 01:51 PM

ලංකාවේ ගොම එහෙම නෙමෙයි නේද? (නි)

:       0       0

ශලිනි Thursday, 15 November 2012 09:41 AM

වඩා නිවැරදි වන්නේ ගොම නොව අශ්ව වසුරු බාල්දියක් බවයි.(ස)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 10:35 AM

ගහන්න හැදුවා විතරනේ...........(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site