IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන සිසුහු 11 මිය යති

නැගෙනහිර  චීනයේ බසයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් කුඩා පාසල් දරුවන් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ෂින්හුවා පෙදෙසේ දී මේ අනතුර සිදුවන විට එම බසයේ පළමු ශ්‍රේණියේ සිසුන් 14 දෙනකු සිටි බව ද එම වාර්තාවල දැක්වේ.

චීනයේ පොලිසිය පෙන්වාදෙන්නේ පසුගිය කාලයේ දී චීනයේ ගම්බද පෙදෙස්වල අනතුරුවලින් දරුවන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බවයි. පසුගිය ජූලි මාසයේ බසයක් ජලාශයකට පෙරලිමෙන් 11 දෙනකු ද, අප්‍රේල් මාසයේ හයිනන් හි සිදුවූ බස් අනතුරකින් සිසුන් අට දෙනකු ද මියගියහ.

2011 දී අධික ලෙස සිසුන් පටවාගත් වෑන් රථයක් ඊසාන දිග චීනයේ දී ගල් අඟුරු පටවාගත් ට්‍රක් රථයක ගැටීමෙන් පෙර පාසැල් දරුවන් 18 දෙනෙක් මියගොස් තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් චීනය පුරා දැඩි ජනමතයක් ගොඩනැගීමේ ප්‍රතිඵලයක් ලෙස පාසැල් බස්රථ සේවයට වැඩි මුදල් ප්‍රමාණයක් යොදවන බවට ප්‍රතිඥා දීමට ද චින රජයට සිදුවිය.

 



අදහස් (0)

චීන සිසුහු 11 මිය යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site