IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන සඳ යානය පිරික්සුම් අරඹන්න යයි

 චීනයේ ප්‍රථම සඳ ගවේෂණ උත්සාහය සඵල කරමින් මෙම මස මුල් භාගයේදී අභ්‍යාවකාශ ගත කළ ‘චෙන්ගි 3‘ සඳ ගවේෂක මධ්‍යස්ථානය සාර්ථකව සඳ මතට ගොඩබැස ඇතැයි වාර්තා වේ.

සඳ  ගවේෂණ මධ්‍යස්ථානයක් යවා ඇත්තේ වසර 37 කට පසුවය.මීට පෙර ඇමරිකාව හා රුසියාව   ගවේෂක යාන ගොඩබස්වා ඇති අතර දැන් චීනය සද මතට අභ්‍යාවකාශ යානයක් ගොඩබැස්වූ තෙවන රට ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

‘චෙන්ගි 3‘ මේ වන විට සඳ මත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් ඇතැයි චීන විද්‍යාඥයෝ කියති. බලය උත්පාදනය කර ගැනීමට අවශ්‍ය වන සූර්ය පැනල   නිසි පරිදි ස්ථාන ගත කෙරෙමින් පවතින බවත් ඒවා ස්ථාන ගත කෙරුණු පසු චෙන්ගි 3 සඳ මත සිට පෘථීවියට තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අරඹනු ඇති බවත් ඔවුහු පවසති.

සඳ මත වායුගෝලයක් නොමැති හෙයින් අභ්‍යාවකාශ යානයක් ගොඩබැස්වීමේදී එහි බැසුම් වේගය අවම කිරීමට අධිවේගී ගුවන් යානා වල භාවිතා කෙරෙන මෙන් පැරෂුට භාවිතා කළ නොහැක.මෙනිසා වේගය අවම කර ගැනීමට භාවිතා කළ යුතු වන්නේ රොකට්ටුය.රොකට්ටු හා ගනුදෙනු කිරීම අවදානම් කටයුත්තකි.මෙනිසා චීන විද්‍යාඥයන්ට වැඩිවශයෙන් කරදර වීමට සිදුවූයේ ‘චෙන්ගි  3‘ අභ්‍යාවකාශ ගත කිරීමට නොව එය සාර්ථකව සද මතට ගොඩ බැස්වීමටය.

නමුත් අවසානයේ එම අභියෝගය ජය ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

‘චෙන්ගි 3‘ සද මත ඡායාරූපයන් හා තොරතුරු පෘථීවිය වෙත එවනු ඇති අතර එම කාර්යයන්ට ආධාර වීමට එහි ‘යුටු‘ නම් රොබෝ රෝවරයක්ද ඇත.

චීනයේ මීළඟට උත්සාහය සද මතට ගගනගාමියෙකු යැවීමයි. ප්‍රථම සද ගවේෂණයේ සාර්ථකත්වයත් සමග ඔවුන් එම අභියෝගයත් ජය ගනු ඇති බවට සැක නැත.

මේ අතර ඉරානයද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ වදුරෙකු අභ්‍යාවකාශයට යවා යළි ගෙන්වාගැනීමට තමන් සමත්වූ බවයි.

ඉරානය මෙසේ වදුරෙකු අභ්‍යාවකාශයට යවා ගෙන්වාගැනීමට සමත්වූයේ යැයි ප්‍රකාශ කර ඇත්තේ දෙවන වතාවටය.

සැතපුම් 75 ක් ඉහළ අහසට වදුරෙකු යවා පැරෂූට ආධාරයෙන් එම වදුරා නැවත පොළවට ගොඩබැස්වීමට සැළැස්වූ බව එම ප්‍රකාශයේ සදහන්ය.

මෙම මෙහෙයුමට ඉරානය ප්‍රථම වතාවට ද්‍රවීකෘත ඉන්ධන රොකට්ටු භාවිතා කර ඇති බව පැවසේ.

පුවතෙහි සත්‍ය අසත්‍යතාව පිළිඹද මත ගැටුම් පැවතියත් ඉරානයට විශාල පරිමාණයේ චන්ද්‍රිකා අභ්‍යාවකාශ ගත කිරීමේ මධ්‍යස්ථානයක් නම් ඇත.

තමන්ටත් තමන්ගේම චන්ද්‍රිකා අභ්‍යාවකාශයට යැවීමට අවශ්‍ය යැයි පවසන ඉරානය බටහිර බලවතුන්ට බිය ගෙන දීමට සමත්ව තිබේ.ඉරානය ප්‍රකාශ කරන පරිදි මෙම චන්ද්‍රිකා යවනු ඇත්තේ කාලගුණ තොරතුරු එකතු කර ගැනීම හා සම්ප්‍රේෂණ කටයුතු සදහා වුවත් බටහිර විශ්වාස කරන්නේ ඉරානය ඒවැන්නන්ට මුවාවී කඩාකප්පල්කාරී කි්‍රයාවන් වල නියැලෙනු ඇති බවයි.විශේෂයෙන් ඉහළ අභ්‍යාවකාශයට චන්ද්‍රිකා ගෙනයෑමේ සමත් රොකට්ටු නිර්මානය කිරීමට ඉරානය සමත්වන්නේ නම් එම රොකට්ටු නිපදවීමේ තාක්ෂණය ආධාරයෙන් ලොව වෙනත් රටවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉරානය පෙළෙඹෙනු ඇතැයි ඔවුන් බියපත්ව සිටී.



අදහස් (0)

චීන සඳ යානය පිරික්සුම් අරඹන්න යයි

සලීම් Monday, 16 December 2013 10:39 PM

අනේ හොදා හදේ ඉඩම් ටික චීනා අල්ල ගත්තොත් අපේ වටිනා ඉඩම් ටික ඉතුරුවේ (අ)

:       0       0

සත්‍යයා Tuesday, 17 December 2013 06:44 AM

අපේ අයට මේක හොඳ ආරංචියක්. ලංකාවේ ඉඩම් මිලදීගෙන අවසන් වූ පසු චීන මිතු දම ඔස්සේ හඳෙන් ද ඉඩම් වෙන් කර ගන්න මේ ගොල්ලන් ට පුළුවන් වේවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site