චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණවලට යොමුවී, ආසදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, චීනයේ සිට පැමිණෙන අවුරුදු දෙකට වැඩි, සියලු දෙනා දින දෙකක් ඇතුළත ලබා ගත් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බව පෙන්වන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.
දින 10 කට පෙර ආසාදිතයකු වී සිටියේ නම්, සුවය ලබමින් සිටිනවා යැයි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇමෙරිකාවට ඇතුළු විය හැකි බව ද සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
ආසාදිතයන් නොවන බව තහවුරු කර ගනිමින්, ඇමෙරිකාවට ඇතුළු වෙද්දී ආසාදිතයන් වුවහොත්, නියමිත දින ගණන නිරෝධායනයට යොමු කරන බව ද ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත.
චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට පමණ නොව, ඉතාලියෙන්, ඉන්දියාවෙන්, තායිවානයෙන් සහ ජපානයෙන් පැමිණෙන සංචාරකන්ට ද තහංචි පැනැවීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
චීන සංචාරකයන්ට ‘කොවිඞ්’ පරීක්ෂණ අනිවාර්යයි
sharm warn Thursday, 29 December 2022 12:40 PM
ලංකාවට එන චීනුන්ට නම් කෝවිඩ් නෙවෙයි, ඒඩ්ස් තිබුණත් අවුලක් නෑ. මොකද ඉතින් මේක චීනයේ ප්‍රාන්තයක්නේ... මිත්‍රවරුනි, ඊළඟ කොවිඩ් මංගල්‍යයට සූදානම් වෙලා ඉන්න.