නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීන රජය එරට වැසියන් මිලියන ගණනකට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.
කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 500කට ආසන්න වී තිබෙන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,324ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සඳහන් කළේය.
චීනය මේ වනවිට වූහාන් නගරයට අමතරව තවත් නගර කිහිපයකටම සීල් තබා සම්පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට ද චීන බලධාරීහු අද (5) පියවර ගත්හ.
නිවෙස්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැනීම සඳහා දින දෙකකට වරක් එක් නිවසකින් එක් අයකුට පමණක් පිටතට යෑමට හැකි බව ද චීන රජය නිවේදනය කර ඇත. චීනයේ ඇතැම් පළාත්වල එය දින පහකට එක් දවසක් ලෙස නියෝග කර ඇත.
“කරුණාකර එළියට යන්න එපා, කරුණාකර එළියට යන්න එපා” යනුවෙන් ශබ්ද විකාශන මඟින් විකාශය කෙරෙන අතර චීන ජාතිකයන්ට මුඛ ආවරණ පැළැඳීම ද අනිවාර්ය කර ඇත.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග
Mao Thursday, 06 February 2020 08:27 PM
එතකොට චීනේ කියන්නේ ඇයි ඇමෙරිකාව බොරු බියක් ප්‍රචාර කරනවා කියලා?