IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන යානා තායි ගුවනේ ?

චීන යුද ගුවන්යානා දෙකක් තායිවානයේ ගුවන් සීමාවට ඇතුල්වී ඇතැයි තායාවාන් බලධාරීන් කියයි. චින් වයි-8 වර්ගයේ සමුද්‍ර මුර සංචාරක යානා දෙකක් මෙලෙස අවස්ථා දෙකක දී තායිවාන් ගුවන් සීමාවට ඇතුළු වූ බව තායිවානයේ ගුවන් හමුදා ප්‍රකාශකයකු පවසා ඇත. තායිවානයේ ගුවන් හමුදාව ද මේ යානා පසුපස ලුහුබැඳ ගිය බවත් එසේ කළේ යානා තම ගුවන් සීමාවෙන් ඉවත්ව යන්නේ ද යන්න සැකහැර දැනගැනීමට බවත් තායිලන්ත ගුවන් හමුදාව කියයි.

මේ සිදුවීමට පෙර චීන යුද ගුවන් යානයක් ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද ගුවන් යානයක් ආසන්නයට ගමන් කිරිමේ සිද්ධියක් ද වාර්තා විය.

චීන ආරක්ෂක අමාත්‍යාංශය විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ තම යානා නියමිත ගුවන් සීමාවේ සාමාන්‍ය පරිදි ගමන් කළ බවයි. කිසිදු අසාමාන්‍ය දෙයක් සිදුනොවූ බව ද ඔවුන් පවසයි.

1949 සිදුවූ සිවිල් යුද්ධයකින් පසු තායිවානය චීනයෙන් වෙන් වී වෙනම රටක් බවට පත්විය. රටවල් දෙක අතර ආර්ථික බැඳීම් තිබුණ ද දේශපාලනික වශයෙන් ඇත්තේ බොහෝ දුරස්ථ බවකි.

_77126569_77126568



අදහස් (0)

චීන යානා තායි ගුවනේ ?

ඇසළ Thursday, 28 August 2014 02:25 PM

චීනා ලෝක බලවතා වෙන කාලය වැඩි ඇතක නෙමෙයි. (අ)

:       0       0

සමන්ති Thursday, 28 August 2014 02:29 PM

තායිවානය ඉස්සර හැඳින්වුයේ "පොර්මෝසා"ව යනුවෙනි. අගනගරය "තායිපේ" . මෙය දැන් (ආර්. ඔ . සී ) චීන ජනරජය නමින් හැදින්වේ. 1949 දී මෙය වෙනම රාජ්ජයක් වශයෙන් වෙන්විය. (අ)

:       0       0

සුතිර Saturday, 30 August 2014 05:28 AM

තායිවානය හා තායිලන්තය කියන්නේ රටවල් දෙකක්. (අ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 28 August 2014 07:40 AM

තායිවානය කියන්නේ අතීතයේ චිනයේම කොටසක් , බටහිර රටවල සහ ඇමරිකාව එකතුවී එය කඩා වෙන්කළා උතුරු කොරියාව දකුණු කොරියාව වගේම , (අ)

:       0       0

චාමික Thursday, 28 August 2014 08:59 AM

ලෝකයේ ඕනෑම තැනක තායි කියල සාමන්යෙන් හදුන්වන්නේ තායිලන්තය මිසක් තායිවානය නෙවෙයි. තායිවානය කෙටියෙන් හදුන්වනවා නම් තායිපේ කියලයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ. එත් ඉතින් බහුශ්‍රුත මාධ්‍යවේදියෝ හැමදේම අපිට වැඩිය දන්නවා නේ. ඒක නිසා ඔබතුමාලා හරි වෙන්න ඕනේ. (අ)

:       0       0

නලින් යහම්පත් Friday, 29 August 2014 11:34 AM

සමන්ති මැතිනියනි , ඔබ ලියා ඇති "පොර්මොසාව " තිබෙන්නේ ආසියාවේ නොවේ. එය ඉස්සර ආර්ජන්ටිනාවට අයත් එංගලන්තයට 99 වසරකට බදු දුන් පසුව එංගලන්තය එය ආර්ජන්ටිනාවට නොදී යුද්ධයක් කර පොර්මොසාවට වෙනම රටක් හැටියට නිදහස ලබාදුන්නා. අදටත් එයට ආර්ජන්ටිනා රජය අයිතිවාසිකම කියනවා. තායිවානය තිබෙන්නේ ආසියාවේ චීනයට අයිතිව තිබු දුපතක් , "සමාවන්න " ඔබ ලියා ඇති ප්‍රතිචාරය නිවරදී කිරීමක් පමණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site