IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චීන භාණ්ඩවලට ඉන්දීය ව්‍යාපාරිකයෝ ගිනි තබති

චීනයේ වෙළෙඳ සහ විදේශ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සහ චීන නිෂ්පාදනවලට ආනයන බදු පනවන්නැයි බල කරමින් ඉන්දීය ව්‍යාපාරිකයෝ අද (19) චීන භාණ්ඩවලට ගිනි තැබූහ. 

චීන නිෂ්පාදන ඉන්දීය නිෂ්පාදකයන්ගේ වෙළෙඳාම්වලට අහිතකර ලෙස බලපෑම් කරන බවත් එම නිසා චීන ආනයන වර්ජනය කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දීය වෙළෙන්ඳෝ ඉල්ලා සිටියහ. 

වෙළෙඳ ක්ෂේත්‍රයට අමතරව ඉකුත් දා චීනය, පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් අසාදු ලේඛන ගත කිරීම ප්‍රමාද කිරීමට නිෂේද බලය භාවිත කිරීම ද ඉන්දියාවේ කෝපයට හේතු විය. 

මසූද් අෂාර් සහ ඔහුගේ සංවිධානය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව කියමින් චීනය එලෙස අදාළ යෝජනාව ප්‍රමාද කළේය. 

චීනය යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ පාර්ශවකරු වන අතර දෙරට අතර වෙළෙඳ හිඟය ද පුළුල් වී තිබේ. නරේන්ද්‍ර මෝදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව දෙරට අතර වෙළෙඳ හිඟය පුළුල් වීමෙන් වැඩි වාසි හිමිව ඇත්තේ චීනයටයි. වසර 2014 සියයට 75කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 63ක් දක්වා දෙරට වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ. 

නවදිල්ලි නුවරදී ඉන්දීය වෙළෙන්ඳෝ ලැප්ටොප්, ජංගම දුරකතන, පරිගණක, ෆැක්ස් යන්ත්‍ර සහ සෙල්ලම් බඩු යනාදී චීන නිෂ්පාදනවලට ගිනි තැබූහ. ඊට අමතරව තවත් නගර කිහිපයකදීම චීන නිෂ්පාදනවලට ගිනි තැබූ බව වාර්තා විය. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (3)

චීන භාණ්ඩවලට ඉන්දීය ව්‍යාපාරිකයෝ ගිනි තබති

ravi Wednesday, 20 March 2019 08:04 AM

මෙවැනි ක්‍රියාවන් නිසා.. ඉන්දියාවයි, චීනයයි අතර මතබේද වැඩිවෙලා.. පාකිස්ථානයයි, චීනයයි අතර සම්බන්ධකම් වැඩිවෙන එක පමණයි සිද්ද වෙන්නේ...

:       55       11

rasika Wednesday, 20 March 2019 10:01 PM

ඉන්දියාව කොටින්ව පුරුදු කල, ත්‍රස්තවාදී කදවුරු තිබුන ඉන්දියාවේ, ඔවුන්ව ලංකාවට එවලා ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා කල මුළු 80 දශකයම එහෙමයි. ලංකාවේ ගුවන් කලාපේ උල්ලංගනය කලා. අපි තාමත් දුක් විදින 13 සංශෝදනයට බලපෑම් කලා, පළාත් සබැ ඔවුන්ට ඕනේ නිසා තම ඇති උනේ.. ජිනීවා මානව හිමිකම් සැසියේදී අපිට විරුද්දව ඡන්දෙ දුන්න.. අපි ඉන්දියාවේ වෙළද භාණ්ඩ ගිනි තිබ්බද.. හැබයි ඔවුන්ටත් දැනෙන්න දෙයක් කලයුතුමයි. අපි දේශීය නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ.. විදේශීය නිෂ්පාදන ගැනීමෙන් වලකින්න ඕනේ.. විකල්ප නිෂ්පාදන අපි හදන්න ඕනේ..

:       2       79

lolitha Thursday, 21 March 2019 05:47 AM

ලංකාවෙනම් ඔහොම වෙන්නේ නැ. චීනෙයි ඉන්දියාවයි ලංකාවේ නිෂ්පාදකයෝ විනාස කරනවා මෙහෙ නුවණක්කාරයන්ට පෙන්නේ නෑ

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site