
'කොවිඩ් 19' ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමඟ උතුරුදිග චීනයේ 'සියැං' නගරයේ මිලියන 13 ක් නිවෙස්වල රැඳී සිටින බවත්, අත්‍යාවශ්‍ය කරුණකට හැර ඔවුන්ට නිවෙස්වලින් බැහැරවීමට අවසර නොලැබෙන බවත් චීන මාධ්‍ය වාර්තා කරයි.
'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූයේ චීනයෙනි. ඒ, 2019 දෙසැම්බරයේය. පසුගිය 2020 වසර අවසන් වෙද්දී, චීනය ඉතාමත් සාර්ථකව වයිරස ව්‍යාප්තිය පාලනය කර ගත්තේය.
කෙසේ නමුත් මෙම 2021 වසරේ විටින් විට 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වාර්තා වීම සිදුවුවත්, සමාජය තුළ වයිරසය පැතිරීම පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් විය. එසේ කළේ නගර පිටින් නිරෝධානය කර ලක්ෂ ගණනින් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කරමිනි.
මේ වනවිට චීනයේ පැතිර යන්නේ 'ඩෙල්ටා' විකෘතියයි. ලබන 2022 වසරේ පෙබරවාරියේ ශීත ඔලිම්පික් උළෙල බෙයිජීං කේන්ද්‍රකොට ගනිමින් පැවැත් වීමට නියමිත අතර, විටින් විට වාර්තා වන 'කොවිඩ් 19' රෝගීන් නිසා ශීත ඔලිම්පික් උළෙලට ද බාධා එල්ල වී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන නගරයක මිලියන 13 ක් කොටුවෙති