IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීන නගරයක කොරෝනා පොකුරක්

දකුණුදිග චීනයේ, ග්වන්ඩොං පළාතේ, ග්වන්සෝ නගරයෙන් 'කොවිඩ් 19' රෝගීන් හමුවීමට පටන්ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය මැයි 21 වැනිදා සිට මේ දක්වා නගරයෙන් හමුවුණු ආසාදිතයන් ගණන 80 කි.

ආසාදිතයන් හඳුනා ගනිමින්, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට ග්වන්සෝ නගරයට පමණක් නොව, ග්වන්ඩොං පළාතේ දිස්ත්‍රික්ක 11 කට ද සංචරණ සීමා පනවා ඇත. හමුදාවේ ද සහාය සෞඛ්‍ය බලධාරීන්ට ලැබෙන බවත්, ආසාදිතයන් හමුවන පළාත්වල පීසීආර් පරීක්ෂණ දිගටම සිදු කෙරෙන බවත් වාර්තා වේ.

පිට පළාත්වලින් ග්වන්සෝ නගරයට පැමිණි අයට නගරයෙන් පිටවීමට නම්, පීසීආර් වාර්තා 'නෙගටිව්' විය යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

චීනයේ මේ අයුරින් විටින් විට, තැනින් තැන කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි. 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ ද චිනයෙනි. වයිරසයේ ආරම්භය සිදුවූයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

කෙසේ නමුත් ලොව සෙසු රටවලට වයිරසය ව්‍යාප්ත වෙද්දී, චීනය එරට වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් විය. වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා චීනයෙන් වාර්තා වී ඇති 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 91,248 කි. මරණ ගණන 4,636 කින් නතර වුණු අතර, අලුතින් කිසිදු මරණයක් වාර්තා වී නැත.

ග්වන්සෝහිදීය (රොයිටර්)



අදහස් (0)

චීන නගරයක කොරෝනා පොකුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site