IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


චීන ජනපති හමුවෙන්න බයිඩන් සූදානම්

‘ජී20’ සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවී දෙරට අතර පවතින අර්බුද අවසන් කර කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට තමන් සුදානමින් සිටින බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

‘ජී20’ සමුළුව ලබන සතියේ ආරම්භ වෙයි. ජනාධිපති බයිඩන් උපුටා දක්වමින්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් සහ චීන ජනාධිපති ජින්පින් අතර හමුව ලබන 14 වැනිදා පැවැත්වෙනු ඇති බවය.

ඇමෙරිකාව සහ චීනය අතරේ පවතින මත ගැටුම් දුරුකරලීමටත්, දෙරට අතර පළුදු වී ඇති සබඳතා යළි ශක්තිමත් කර ගැනීමටත් බයිඩන් කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය පැහැදිලි කර ඇත.
ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙන්ම, රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනය රුසියාවට පක්ෂව කටයුතු කිරීම මෙන්ම චීන තායිවාන අර්බුදය කෙරෙහි ද බයිඩන් සහ ජින්පින් අතරේ අවධානය යොමු වනු ඇති බව ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ.

තායිවානය චීනය අසල පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන අතර, තායිවානය චීනයට අයත් කොටසක් ලෙස චීනය විහ්වාස කරයි. තායිවානයේ ස්වෛරීත්වය වෙනුවෙන් ඇමෙරිකාව, තායිවාන රජයට සහාය දෙයි. මෙය චීනයේ උදහසට හේතුවක් වී ඇත.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව චීනයට චෝදනා නගා ඇත. තායිවාන අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, එම චෝදනා සම්බන්ධයෙන් ද ජනාධිපති බයිඩන්, චීන ජනාධිපති ජින්පින් සමඟ විවෘතව සාකච්ඡා කරනු ඇතැයි ධවල මන්දිර වාර්තා පවසයි.

‘ජී20’ යනු ලොව ආර්ථික බලවත් රටවල එකමුතුවයි. ‘ජී20’ රටවල නායකයන් වාර්ෂිකව රැස්වෙයි. මෙවර ‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ බාලි පළාතේය. ‘ජී20’ සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝ වන අතර, සමුළුවට පැමිණෙන ලෝක නායකයන් උණුසුම් ලෙස පිළිගැනීමට ජනාධිපති විඩෝඩෝ සූදානමින් සිටී.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

චීන ජනපති හමුවෙන්න බයිඩන් සූදානම්

podiaarachchi Friday, 11 November 2022 07:01 PM

චීනයට ගෙවන්න තියන ණය ගෙවලා දැම්මා නම්, තව ටිකක් සැහැල්ලුවෙන් චීන ජනාධිපති හමුවෙන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27721 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18183 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10882 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 645 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site