IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීන ජනාධිපති ජින්පින් ටිබෙට් සංචාරයක

චීන ජනාධිපති ෂී ජින්පින්ග් පසුගිය දා ස්වයංපාලන ටිබේටයේ සංචාරයක නිරත වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් එරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ටිබෙටයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වෙයි. චීන ජනාධිපතිවරයා පසුගිය බදාදා (21) ගුවනින් න්යින්ග්චි නගරය වෙත පැමිණ අතර එතැන් සිට ටිබෙයේ අගනුවර වන ලාසා වෙත දුම්රියෙන් පැමිණියේ ය. සිචුවාන් පළාතට මායිම් වන කඳුකර දේශසීමාවේ ඉහළට ගමන් කළ හැකි වන පරිදි ද දුම්රිය මාර්ග ඉදි කර ඇත. චීන ජනාධිපතිවරයා ටි‌බෙට් අගනුවරට පැමිණ ඇත්තේ බ්‍රහස්පතින්දා ය.

චීන ජනාධිපතිවරයා ටිබෙට් අගනුවර ආශ්‍රමයක සහ ‘පෝටලා’ මාලිගයේ සංචාරය කළ බව ද ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය. ඊට අමතරව චීන ජනාධිපතිවරයා වාර්ගික ආගමික සම්බන්ධයෙන් මෙන්ම ටිබෙටයේ සංස්කෘතික උරුම නිරීක්ෂණය කළ බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

‘පෝටලා’ මාලිගය යනු ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාගේ නිවහන යි. වත්මන් දලයි ලාමා පිටුවහල් කර ඇත. වත්මන් දලයි ලාබා බෙදුම්වාදියකු යැයි චීනය චෝදනා කරයි.

ටි‌බෙටය, ඉන්දියාවටත් චීනයටත් මායිම්ව පිහිටා ඇත. චීනය, ටිබෙය තමන්ට උපායමාර්ගිකව ඉතා වැදගත් යැයි සලකා කටයුතු කරයි. හිමාලයේ ඉන්දු චීන දේශසීමාවේ ඇති වූ අර්බුද හේතුවෙන් දෙරට අතර මෑතකදී දරුණු ගැටුම් ඇති විය.

දෙරටින්ම මරණ වාර්තා වූ අතර මෙම ගැටුම් වසර ගණනාවකට පසු දෙරට අතර ඇති වූ දරුණු ම ගැටුම් යැයි ද වාර්තා විය. ෂී ජින්පින්ග් 2011 වසරේ දී ටිබෙටයේ සංචාරයක නිරත විය. එවිට හෙතෙම චීනයේ උප ජනාධිපතිවරයා ය.

(ෂිංහුවා)



අදහස් (0)

චීන ජනාධිපති ජින්පින් ටිබෙට් සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site