බඹා කෙටූ පුද්ගලයාම හිමිකර ගැනීමේ සතුටට විවාහවූ දා පටන් මේ දක්වා ගතවුණු වසර 10 ක කාලයේ සෑම දිනකම මංගල ඇදුමින් සැරසෙන කාන්තාවක ගැන චීනයෙන් වාර්තා වේ.
ෂියෑන්ග් නම් මේ කාන්තාව ඇයට වසය අවුරුදු 18 ක් ව තිබියදී බලහත්කාරයෙන් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇත්තීය. ඔහුගේ කරදර පීඩා ඉවසාගත නොහැකිව පලාවිත් ඇති ඇය අනතුරුව ජීවත්වී ඇත්තේ තම මිතුරියකගේ සෙවණ යටතේය.පසුව මෙම මිතුරිය තමන්ගේ සොහොයුරා ෂියෑන්ග්ට හදුන්වාදී තිඛෙන අතර දුටු මොහොතේම ඔහු ගැන සෙනෙහස ඉපිදවා ඇති ඇය කෙළවර ඔහු හා විවාහ වී ඇත්තීය.
‘මට හමුවූ පිරිමි ඔක්කොම හරිම නපුරු අය.නමුත් මගේ ස්වාමිපුරුෂයා ඔවුන් අතරින් වෙනස් කෙනෙක්. ඒ නිසා විවාහ දවසේ මට දැනුණේ ලෝකයේ සිටින වාසනාවන්තම කාන්තාව මා ඔබයි. ඒ සතුට මැරෙන තුරාම විදින්න මට ඕනෑ. ඒ නිසයි මම හැමදාම මංගල ඇදුමකින් සැරසෙන්නේ‘ ඇය කියන්නීය.
දිනපතාම ඇදීමට එක් ඇදුමක් මදි නිසා ඇය තවත් මංගල ඇදුම් තුනක් මසාගෙන තිඛෙන්නීය.
රැකියාවට යාමේ සිට ගේදොර වැඩකටයුතු දක්වා සියල්ල ෂියෑන්ග් කරනුයේ මංගල ඇදුමින් සැරසීගෙනය.සුදු මංගල ඇදුමින් සැරසී කුඹුරට බැස හරි හරියට වල් නෙළන ෂියෑන්ග් දකින ඇතැමුන් ඇයට ඇනුම්පද කියන අවස්ථාද වේ.
‘මට වැඩක් නැහැ කවුරු මොනවා කිව්වත්.මම දිගටම මංගල ඇදුමම තමයි අදින්නේ.ඇත්තම කිව්වොත් මට වෙන ඇදුමුත් නැහැ.මගේ ස්වාමිපුරුෂයාටත් මගේ පුරුද්ද ගැන කිසිම ගැටලූවක් නැහැ.ඔහු දන්නවා ඔහු සමුවීමේ සතුට තමයි මම විදින්නේ කියලා‘ ඇය පවසන්නීය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන කතට හැමදා ‘මඟුල‘
හේමන්ත Friday, 11 April 2014 08:33 AM
හොඳ වෙලාවට උපන් ඇඳුමෙන් ඉන්න තීරණය නොකළේ. (ස)
තුෂාරිකා Wednesday, 09 April 2014 01:01 PM
හිත ගිය තැන මාළිගාවලුනෙ. මේ කාන්තාවටත් එහෙම තමා. (ස)
නිලන්ති Wednesday, 09 April 2014 01:10 PM
මේ කාන්තාව අනෙක් අයට විහිලුවක් වෙන්න පුළුවන්. ඒත් හිතල බැලුවම අපි කාටත් ආදරය කියන දේ අවශ්‍යයි නේද ජීවත්වෙන්න. (ස)
ජයවර්ධන Wednesday, 09 April 2014 01:14 PM
අහල නැද්ද ආදරය අන්ධයි කියල. (ස)
කසුන් Wednesday, 09 April 2014 01:46 PM
පිස්සු නැත්තම් හොඳයි. (ස)