IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීන කතක් යළි උඩුගුවනට

කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් තිදෙනෙක් අද සෙන්ෂුං ටෙං රොකට්ටුවෙන් අභ්‍යාවකාශගතවන බව චීන රජය ප්‍රකාශ කරයි. චැං යැපිං යන කාන්තාව ද , එම කණ්ඩායමේ ප්‍රධානියා වූ නිං හයිෂෙං සහ සං ෂින්ග් ගොංග් ද එම කණ්යාමට ඇතුලව සිටිති.

චීන රජය පවසන්නේ චීනය විසින් අභ්‍යාවකාශයේ රඳවා ඇති තියැංගෝං නමැති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඔවුන් සති දෙකක කාලයක් ගතකරමින් පරික්ෂණ කිහිපයක් සිදුකරන බවයි. චැං යැපිං අභ්‍යාවකාශයට යන චීනයේ දෙවැනි කාන්තාවයි.



අදහස් (0)

චීන කතක් යළි උඩුගුවනට

දයා අලහාකෝන් Tuesday, 11 June 2013 03:30 PM

අවස්ථාව ලැබෙනවා නම් අපේ කාන්තාවෝ බොහොම දෙනෙක් ඉන්නවා යන්න. දැනටමත් සමහර ගම් නියම්ගම් වල රොකට්, සැටලයිට්, පියාමන පීරිසි පවා තියෙනවා.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 11 June 2013 04:07 PM

අපේ ලංකාවේ 80´% ගැහැනු නම් කිසිම වැඩක් නැහැ. මිනිහා වැඩට යනවා එන්නේ රැ වෙලා. ගෑනි ඉතින් හොදට කාපු ගමන් නිදා ගන්නවා. ඇහැරිලා ටීවී එකේ තියෙන කාර්ටූන් ඉදන් බලනවා,මොන සැපද අපේ රටේ ගෑනුන්ට?මේ ක්‍රමය නැති කරන්න ඕනෑ. කාන්තාවත් වැඩට යා යුතුයි (නි)

:       0       0

අනුර Tuesday, 11 June 2013 04:40 PM

ලංකාවේ කට්ටිය කරන දේ බලන්න මැ දපෙරදිගට එන්නකෝ. උඩු ගුවනටත් ටිකක් එහා.(නදී)

:       0       0

රුවන් Tuesday, 11 June 2013 04:51 PM

හැම පළාත් සභාවකම ඇමති වරුන්ටත් තියෙනවා.(නදී)

:       0       0

අමාලි සිල්වා Tuesday, 11 June 2013 10:18 PM

ලංකාවේ කාන්තාවන් උඩු ගුවනේ කරනම් නොගැසුවාට, දිය යටින් ගින්දර ගෙන යාමට දක්ෂය. ඕපාදුප සහ කේලම් කීමෙන් ලෝකයම යුධ බිමක් කිරීමට අපේ කාන්තාවන් ඉතා දක්ෂය (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 12 June 2013 09:55 AM

අමාලි සිල්වා ඔබ කාන්තාවක් ලෙස මෙවැනි නිර්භීතව සත්‍ය ප්‍රකාශ කිරීම ගැන ඉස්තුති වන්ත වෙනවා.(නදී)

:       0       0

කෝලිත Tuesday, 11 June 2013 11:43 PM

රොෂාන්ට එයාගේ ගෙදර ගැන කළකිරුනට , ලංකාවේ හැම ගැහැනියකටම ඔහොම දොස් කියන්න එපා (නි)

:       0       0

හේරත් Wednesday, 12 June 2013 12:14 AM

මම උදේ ඉඳලම උඩ බල ගෙන ඉන්නවා තම චීන සායක් උඩ පාවෙනවා දැක්කේ නෑ ආතෝ.(නදී)

:       0       0

ඇසල Tuesday, 11 June 2013 07:12 PM

මැද පෙරදිග මොනවද අනුර එන්නකෝ සිංගප්පුරුවට හරි හොංකොන් වලට, ඉරිදා නිවාඩු දවසට අපේ කට්ටිය රොකට් වල යන හැටි පෙන්වන්න.(නදී)

:       0       0

මාලා Tuesday, 11 June 2013 03:12 PM

ලංකාවේ කාන්තාවන්ටත් මම නම් කියන්නේ හැමදාම ඔය අල්ලපු රටේ චිත්‍රපටි දිහා බලන් ඉදලා එක එක ෆැන්ටසි වල පාවී පාවී නොඉද වික්ටෝරියානු ස්ත්‍රීවාදී චින්තනයකින් හිතන්න කියලා.එහෙම නොවුනොත් හැමදාම පිරිමින්ට ඇබරෙන්නයි වෙන්නේ.ඉන්නේ බටහිර නම් ප්‍රශ්නයක් නැහැ.ලංකාව වෙනස් කරන්න නම් කාන්තාවෝ තමා මුල් වෙන්න වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site