බටහිර හිමාලයේ දී ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතර ගැටුමක් ඇති වී ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීමත් සමඟ බටහිර හිමාලයේ පිහිටි ඉන්දු චීන මතභේදාත්මක දේශසීමාව පිළිබඳ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇතැයි පැවසේ.
චීන සොල්දාදුවන් පිරිසක් ‘පැනගොන්ග්’ ජලාශයට ආසන්න ඉන්දීයාවට අයත් ලඩාකාහ් ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කර ඇතැයි නවදිල්ලි ආරංචි මාර්ග පැවසීය.
ඇතැම් චීන සොල්දාදුවන් යකඩ කූරු සහ ගල් රැගෙන පැමිණි බවත් දෙරටේම හමුදා සාමාජිකයන්ට සුළු තුවාල සිදු වී ඇති බවත් වාර්තා විය.
මේ සම්බන්ධයෙන් චීන ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවලින් විමසීමක් කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. තම තමන්ගේ දේශසීමාවලට ප්‍රවේශ වීමට උත්සාහ කළ බවට ඉන්දියාව සහ චීනය නිරන්තරයෙන් එකිනෙකාට චෝදනා කරගත්ත ද ගැටුම් ඇතිවූයේ කලාතුරකිනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලින් ද තොරතුරු විමසීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක විය.
ඒ.එෆ්.පී/රොයිටර් 055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන - ඉන්දියානු සොල්දාදුවෝ ගැටෙති