ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී)
චීන ආයෝජන ඇතිව ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.
චීනය පාකිස්තාන විදේශ ප්‍රතිපත්තියේ මූලිකාංගයක් යැයි ප්‍රකාශ කළ අගමැති ඉම්රාන් ඛාන් මතභේදාත්මක ‘චීන-පාකිස්තාන ආර්ථික තීරය’ ක්‍රියාත්මක කරන බව ද කීවේය.
පාකිස්තානයේ සංචාරයක නිරත වී සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවෙමින් ඉම්රාන් ඛාන් ඒ කරුණු සඳහන් කළේය.
‘චීන-පාකිස්තාන ආර්ථික තීරය’ ආරම්භ කරන ලද්දේ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පාලනය සමයේදීය. මැතිවරණය සමයේදී චීන ආයෝජන සහිතව ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට දැරිය නොහැකි යැයි ඉම්රාන් ඛාන් වරින් වර ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 50ක පිරිවැයක් සහිත මෙම මතභේදාත්මක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව චීන විදේශ අමාත්‍යවරයා මෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ද පොරොන්දු විය.
චීන විදේශ අමාත්‍යවරයා පාකිස්තානයට පැමිණියේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද සමඟය.
055
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ආයෝජන වලින් ආරම්භ කළ සංවර්ධන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මකයි
MO77 Tuesday, 11 September 2018 02:44 AM
මැතිවරණය සමයේදී චීන ආයෝජන සහිතව ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට දැරිය නොහැකි යැයි ඉම්රාන් ඛාන් වරින් වර ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ???