IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චීනයේ ළදරු ජාවාරමක් හෙළි වෙයි

නැගෙනහිර  චීනයේ ෂැන්ඩොන්ග් පළාතේ පොලීසිය විසින් ලදරුවන් ජාවාරම් කරණ ස්ථානයක් වටලා ළදරුවන් 37 දෙනෙක් සහ වයස අවුරුදු 3 ක් වූ ගැහැණු ළමයෙක් බේරාගත් බව චීනයේ රාජ්‍ය රූපවාහිනියක් වන චයිනා සෙන්ට්‍රල් රූපවාහිනිය පවසයි.

මෙහි වැඩිපුර විකිණීමට ඇත්තේ එච්.අයි.වී ආසාදිත හෝ මන්දපෝෂණයෙන් යුතු දරුවන් බව ද එම ආයතනය පෙන්වාදෙයි. ඔවුන් යුආන් 50,000 සිට 80,000 දක්වා (ඇමරිකානු ඩොලර් 8,000 සිට 12,912 ක් වේ )  මිලකට අළෙවි වේ. පිරිමි ළමයින් ගැහැණු ලමයින්ට වඩා මිලෙන් වැඩිය.

ජාවාරම සිදුවන ස්ථානයේ දී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 103 දෙනකු ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

චීනයේ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශයේ දුෂණ ජාවාරම් කාර්යාලයේ අධ්‍යක්ෂක චෙන් ෂිකියු පැවසුවේ ළදරුවන් ජාවාරම් කිරීමේ අපරාධයන්හි ඒවා කෙරෙන ක්‍රමයේ නව ප්‍රවනතාවයන් ඇතිවි තිබෙන බවයි. උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ සමහර අපරාධ කල්ලි විසින් ප්‍රසූතියට ආසන්න ගැබ්බර කාන්තාවන් පොදු ප්‍රවාහන සේවා  උපයෝගි කරගනිමින් වෙනත් නගරවලට යවා ප්‍රසූතියෙන් පසු එම දරුවන් විකුණන බවයි.

චීන රජයේ නීතියට අනුව මෙවැනි ළමුන් ජාවාරමේ යෙදෙන්නන්ට වසර දහයක් දක්වා සිර දඩුවම් ලබා දීමට හැකියාව පවතින අතර මෙවැනි ආකාරයට ලමුන් තිදෙනෙකුට වඩා ජාවාරමේ යෙදී ඇති වැරදි කරුවන්ට මරණ දඩුවම ලබා දීමේ හැකියාව පවතී. චීන රජය  ළදරුවන් ජාවාරම මැඩලීම  සම්බන්ධයෙන් වඩාත් වැඩි  සැලකිල්ලක් දක්වයි.



අදහස් (0)

චීනයේ ළදරු ජාවාරමක් හෙළි වෙයි

අල්විස් Monday, 19 January 2015 09:32 AM

අපි කතා නොකළාට ලංකාවෙත් මේවා සුළු ප්‍රමාණයකින් සිද්ධ වෙනවා. අපේ ය ඔය ලොකුවට උඩදාගෙන නහින්න යන සුද්දෝ තමයි ඔය වැඩේ වගකියන්න ඕනේ. මුන්ගෙන් ළමයෙක්වත් තියාගන්න බැරුව කොහෙද රටක් බේරාගෙන ඉන්නේ? මේක මහපරිමාණයෙන් වෙන්නේ අන්තර්ජාලයෙන්. අනෙක තම දරුවන්ගේ පින්තුර ගැනීමට හෝ පලකිරීමට කාටවත් ඉඩදෙන්න එපා. මොකද ඒ පින්තුර වලින් තමයි උන් ඔය ගොඩක් නොහොබිනා වැඩ කරන්නේ. විශේෂයෙන් සංචාරකයෝ නිතර ගැවසෙන ප්‍රදේශ වල හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ. යුරෝපා රටවල ළමයි බේරගෙන හදාගන්න පුදුම අමාරුයි. වයසින් අඩුවෙන්න වෙන්න දරුණුයි. එක නිසා ඒ සම්බන්ධව ඒ රටවල වෙනම පොලිස් කණ්ඩායම් පැය 24 පුරාම ( අන්තර්ජාල , දුරකථන..) ආදිය ගැන විමසිල්ලෙන් ඉන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site