IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චීනය සිරියා සාම පාර කපයි

සිරියාවේ සාමකාමි වාතාවරණයක් ඇති කිරීමට එක්සත් ජාතීන් හා අරාබි ලීගය පත් කළ විශේෂ සාම දුතයා වන ලක්ඩාර් බ‍්‍රහීම් දරන උත්සාහයට ලෝකයේ සියලූ රටවල් සහය දිය යුතු බව චීනය කියයි. සිරියාවේ තත්ත්වය දිනෙන්  දින උග‍්‍ර අතට හැරෙමින් පවතී. ජනපති බෂාර් අල් අසාඞ් ගේ රජය හමුදා දැන් වැඩි වැඩියෙන් එල්ල කරන ගුවන් ප‍්‍රහාර වලට හසු වීමෙන් මේ වන විට සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇති අතර නිවාස ඇතුළු දේපළ රාශියක් විනාශවිය. වහා සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර තාවකාලිකව හෝ රජයයක් ගොඩනැගීම කෙරෙහි දෙපාර්ශවයම සළකා බැලිය යුතු බව චීනයේ මතය වේ.  ඒ සදහා සිරියාවේ දේශපාලන පක්ෂ සක‍්‍රීයව දායක වීම ඉතා වැදගත් බව අවධාරණය කරනා චීනය උද්ගත වී ඇති තත්ත්වයට එකම විසදුම දේශපාලන විසදුමක් බවත් අන්තර්ජාතික ප‍්‍රජාවේද සහයද එයට ලැබිය යුතු බවත් පවසයි. සිරියාවට සම්බාධක පැනැවීමට පසුගිය ජූලි මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ යෝජනාවකට චීනය විරුද්ධව ඡන්දය දුන්නේය. රුසියාවද ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර දෙරටම නිෂේධ ඡන්ද බලය හිමි රටවල් බැවින් එම යෝජනාව නිෂ්ප‍්‍රභ විය. එහෙත් තමන් පක්ෂග‍්‍රාහී නොවන බව පවසන චීනය ගැටළුව කඩිනමින් හා සාමකාමිව විසදා ගැනීමට මුල් පියවර තැබිය යුත්තේ සිරියා රජය බව අවධාරණය කර සිටී.



අදහස් (0)

චීනය සිරියා සාම පාර කපයි

මාධව Tuesday, 06 November 2012 01:53 AM

ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site