IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීනයේ ‘සියැං’ නගරයේ ‘කොවිඞ්’ ඔඩුදුවයි

චීනයේ ලොක්ඩවුන් කළ ‘සියැං‘ නගරයෙන් නව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 155 දෙනකු වාර්තා වූ බවත්, මෙම 2021 වසරේ චීනයේ එක් නගරයකින් එක් දිනක් තුළ වැඩිම අසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව එය බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වයිරස ව්‍යාප්තිය සිදුවෙමින් පවතින්නේ ‘සියැං’ නගරය සති දෙකක් තිස්සේ නගරය ලොක්ඩවුන් කර තිබියදීය.

පසුගිය දින 8 පුරාවටම ආසාදිතයන් වාර්තා විය. ආසාදිතයන්ගේ අඩුවක් දක්නට නොලැබීම නිසා අත්‍යාවශ්‍ය හේතුවකට හෝ නිවසින් බැහැරවීමෙන් වළකින්නැයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.

චීන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ‘සියැං’ නගර වැසියන් ‘ජීවත් වෙනවාද? මියයනවාද?’ දෙගිඩියාවෙන් පසුවන බවය. මේ වනවිට ‘සියැං’ නගරයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 1,100 තෙක් ඉහළ ගොස් තිබේ.

සැම්සුන් සහ මයික්‍රෝන් තාක්ෂණික සමාගම්වල ‘මෙමරි චිප්’ නිෂ්පාදනය කරන සමාගම් ඇත්තේ ද මෙම ‘සියැං’ නගරයේ ද ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් මෙම සමාගම් ද මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා ඇත.

සෞඛ්‍ය අංශ සහ නගර බලධාරීන් එක් වී, නගරයේ සියලූ දෙනා ‘කොවිඞ් 19‘ පරීක්ෂණ සඳහා යොමු කරමින් සිටින නමුත් ආශ‍්‍රිතයන් සෙයා ගැනීම අසීරු බවත් පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ ‘සියැං’ නගරයේ ‘කොවිඞ්’ ඔඩුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site