IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘චීනය සැමදා ලංකාව සමගයි‘

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී හා එක්සත් ජාතිීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී දිගටම ශී‍්‍රලංකාවට සහය දීමට චීනය සූදානමින් සිටින්නේයැයි එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු සෙන්මින් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී පැවසීය.

චීනය ශී‍්‍ර ලංකාවේ මිතුරෙකු ලෙස දිගටම කටයුතු කරනු ඇතැයි ඔහු කීය.

පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට විපක්ෂව සහයදීම සම්බන්ධයෙන් චීනයට ස්තුතිවන්ත වන බව හමුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තවද චීනය මූලිකත්වය ගෙන ශී‍්‍රලංකාවේ කි‍්‍රයාත්මක කර ඇති ව්‍යාපෘතීන්ගේ ප‍්‍රගතිය හා ඒවායේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් තම ප‍්‍රසාදයද ජනපතිවරයා පළ කර සිටියේය.

චීන ආයෝජකයින්ට ශී‍්‍රලංකාව විවෘතව ඇතැයි ජනපතිවරයා සදහන් කළේය.

ශී‍්‍ර ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවස්ථා තිබෙන බව ලියු සෙන්මින් මහතා පැවසීය.ශී‍්‍ර ලංකාවේ සිදුකෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම්,අධිවේගී මාර්ග ඉදිකිරීම්,දුම්රිය මාර්ග ඉදිකිරීම් වැනි සංවර්ධන කටයුතු වලට තවදුරටත් දායක වීමට චීනය අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම කීය.

චීනයට ශී‍්‍ර ලංකාව යනු ‘‘හොද මිතුරෙකු,හොද අසල්වැසියෙකු හා හොද සහයෙකු‘‘ යැයි ලියු සෙන්මින් මහතා ශී‍්‍ර ලංකාව හදුන්වාදුන්නේය.



අදහස් (0)

‘චීනය සැමදා ලංකාව සමගයි‘

ඉසුරන්දි Wednesday, 30 April 2014 06:10 PM

රාජතාන්ත්‍රික වශයෙන් චීනය ලංකාවට දක්වන සහයෝගය අපි අගය කළයුතුයි. ඉන්දියාව කලාපයේ බලවතා වුණාට අපිට කරන තරමක් කරන්නේ කෙනෙහිලිකම්නේ. (නි)

:       0       0

පිටිගල Tuesday, 29 April 2014 06:57 PM

අපිව තවත් බය වෙනවානේ. එතකොට අපේ දරු මුණුබුරොත් චීන ණයකාරයෝ වේවිද? (නි)

:       0       0

අරුණ Tuesday, 29 April 2014 07:22 PM

වීන්නු ක්‍රිකට් ගහන්නේ නැති නිසා රට දියුණු වේවි (නි)

:       0       0

ලංකාතිලක Wednesday, 30 April 2014 12:29 PM

චීනය ගැන බිය වන්නේ ගොඩක් අය කරුණු නොදැන. චීනය අතීතයේ සිටම ලංකාවට උදව් කළේ අපට අනාගතයට වැඩක් වෙන දේවල්. තවමත් එහෙමයි. (ස)

:       0       0

කමල් Tuesday, 29 April 2014 08:58 PM

ප්‍රවේසමෙන් වැඩි සෙනෙහෙ දබරෙට තමයි . (දී)

:       0       0

සුරංග Tuesday, 29 April 2014 03:40 PM

ඉන්දියාවට වඩා චීනය කොයිතරම් හොදද (දී)

:       0       0

එල්. Wednesday, 30 April 2014 07:50 AM

පිටිගල මොන වගේ මෝඩයෙක්ද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site