නැගෙනහිර චීනයේ පෙර පාසලක් තුළ සිදු වූ පිපිරීමකින් හත්දෙනකු මියගොස් 60කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. පිපිරීමෙන් දරුවන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීම සිදුව ඇත්තේ එරට වේලාවෙන් අද (15) පස්වරු 5ට පමණය. මාපියන් දරුවන් පෙර පාසලෙන් ගන්නා අවස්ථාවේදී පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් එම ස්ථානයේදීම දෙදෙනකු මියගිය අතර ඉතිරි පස් දෙනා මියගොස් ඇත්තේ ඉන්පසුවය. තුවාල ලැබූවන්ගෙන් 9 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා විය.
පිපිරීමට හේතුව අද (15) රාත්‍රීය වනතුරුත් අනාවරණය වී නොතිබූ අතර ගෑස් නාලයක පිපිරීමක් ඊට හේතු වන්නට ඇතැයි වාර්තා විණි.
චීනයෙන් පිපිරීම් සහ අනතුරු පිළිබඳ පුවත් නිරන්තරයෙන් වාර්තා වේ. නීතිරීතවල තිබෙන අඩුපාඩුත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අඩු අවධානයත් ඊට හේතු වී තිබේ. කෙසේ නමුත් ඉදිරියේදී ගොඩනැගිලි ආදී සියල්ල නියාමනය කරමින් අඩුපාඩු සැකසීමට කටයුතු කරන බව චීන ආණ්ඩුව පොරොන්දු වී තිබේ.
රොයිටර් ඇසුරිනි 055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ පෙර පාසලක පිපිරිමකින් 8ක් මරුට : 60ක් තුවාලයි