IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීනයේ දරුවන්ට ’සිනොවැක්’ එන්නත

'කොවිඩ් 19' වයිරසයට එරෙහිව, චීන නිපදවා ඇති 'සිනොවැක් බයෝටෙක්' ප්‍රතිශක්තිකරණ එන්නත එරට කුඩා දරුවන්ට ලබා දීමට චීන රජය සූදානම් වෙයි.

චීන රජය මෙසේ සූදානම් වෙන්නේ, 'සිනොවැක්' එන්නත, හදිසි භාවිතයට සුදුසු බවත්, එය කුඩා දරුවන්ට ලබා දීම ආරක්ෂිත බවත්, චීන සෞඛ්‍ය බලධාරීන් සහතික කර ඇති බැවිනි.

සිනොවැක් එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු සහ දෙවැනි සායනික අත්හදාබැලීම්වල දී අවුරුදු 3ත් 17ත් අතර වයස් කාණ්ඩවල පසුවන දරුවන් සඳහා ඉහළ ප්‍රතිශක්තීකරණයක් ලබාදෙන බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අවුරුදු 3 ත් 17 ත් අතර වයස කාණ්ඩවල පසුවන දරුවන්ට ඉදිරියේ දී සිනොවැක් බයෝටෙක් එන්නත ලබා දෙන බව චීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චීනයේ අවුරුදු 18 ට වැඩි අයට දැනටමත් සිනොවැක් එන්නත ලබාදෙන අතර මේ වනවිට එම එන්නත් මාත්‍රා මිලියන 723 ක් ලබා දී ඇති බව ද සඳහන්ය. 'සිනොවැක්' එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත.

චීනය නිපදවා ඇති දෙවැනි සාර්ථක එන්නත ලෙස මෙම 'සිනොවැක්' එන්නත සැලකෙයි. චීනය නිපදවූ පළමු සාර්ථක 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ 'සයිනෝෆාම්'ය.

බීජීංහිදීය (රොයිටර්)



අදහස් (1)

චීනයේ දරුවන්ට ’සිනොවැක්’ එන්නත

Sri Lanka Monday, 07 June 2021 12:19 AM

නිව්ස් එක දාපු අංකල් වහෙන් ඔරවා කියන්නේ ලංකාවටත් ගේනවා කියන එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site