චීනයේ යුනාන් පළාතේ බෝසාන් නගරයේ බලධාරීන් ජලභීතිකාව පාලනය කිරීමට බල්ලන් 4900ක් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නගර වැසියන් පස් දෙනකු ජලභීතිකාවෙන් මරුමුවට පත්වීමෙන් පසු ජලභීතිකා වැඩසටහන ක්‍රියාත්මක කැරිණි.
නගර බලධාරීන් පවසන්නේ බල්ලන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් එන්නත් කැර ඇති බවයි.
පසුගිය වසර කීපයේ දී ජලභීතිකාව පැතිරීම පාලනය වී තිබූ බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එසේ වුව ද බල්ලන් ඇතිකිරීමේ ප්‍රවණතාව වැඩිවීමත් සමග ජලභීතිකාව පැතිරීම පාලනය කළ නොහැකි වූ බව ඔවුන්ගේ මතයයි. නගර වැසියන් බල්ලන් ඇතිකිරීමට උනන්දු වුව ද බල්ලන් නිසි පරිදි එන්නත් කිරීමට උනන්දු නොවීම බරපතල ප්‍රශ්නයක් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සතුන් සමග පවතින සමීප සබඳකම් මගින් ජලභීතිකා වෛරසය පැතිරියාමේ හැකියාව ඇත. සතුන් සපාකෑම් හෝ පහුරු ගෑම මගින් හෝ වෙනයම් ආකාරයකින් සතුන්ගේ කෙළ ශරීරගත වීමෙන් ජලභීතිකාව වැළඳේ.
ඒ වෛරසය මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වී මොළයට හා සුශුම්නාවට මරණීය හානි සිදුකරයි. රෝගයෙන් වළක්වා ගැනීමට ආසාදිතයන්ට එන්නත් මාලාවක් ලබාදීම සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ ජලභීතිකා භීතියක්
නස්රී Tuesday, 09 September 2014 09:31 AM
ඉතින් බලුමස් රසකර කන ජාතියක් නේද චීන ජාතිකයන්. (නදී)
නුරි Wednesday, 10 September 2014 04:52 AM
එයාලට නම් බල්ලන්ට වැඩිය මිනිස්සු වටිනවා. (නදී)
ඉසුරන්දි Tuesday, 09 September 2014 01:31 PM
ජලභීතිකාව නොහැදී තියේද? මෙයාලා කන්නෙම බලු මස්නේ. (නි)